පස්වැනි මාසයටත් සංචාරකයන් නෑ, සංචාරක ආදායම ‍60%කින් පහළට

නව කොරෝනා වසංගතය ව්‍යාප්තවීම නතර කිරීම හේතු කරගනිමින් සංචාරකයන් රට තුළට පැමිණීම වැළැක්වීමට සංචාරකයන් සඳහා සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් වසා දැමීම නිසා පිටපිට පස්වැනි මාසයටත් මෙරටට සංචාරකයෙකු පැමිණ නැතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම් දත්ත උපුටා දක්වමින් මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා වූ මාස අටක කාලය තුළදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 507,311ක් ලෙස සටහන්ව ඇත. එහෙත් 2019 වසරේ පළමු මාස අට තුළදී 1,267,737 ක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. (පාස්කු ප්‍රහාරයෙන් ඇති වූ සංචාරක කඩා වැටීම්ද සමගින්) එය සංචාරකයන් 760,426කගේ අඩුවීමකි.

ඒ අනුව සංචාරකයන්ගේ පැමිණීම මත පදනම්ව ඇස්තමේන්තු කෙරෙන සංචාරක ඉපැයීම් 2020 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 956ක් ලෙස සටහන්ව ඇති අතර එය 2019 වසරේ අනුරූප කාලය හා සැසඳීමේදී 60%ක අඩුවීමක් බවත් සංචාරක සංවර්ධන අධිකාරිය සහ මහ බැංකුව සඳහන් කර සිටියි.

Visits: 158