කැරොලයින් ජූරි ‘රාජා ජුවලර්ස්’ සන්නාම තානාපතිනිය වෙයි

රාජා ජුවලර්ස් ආයතනයේ නිල සන්නාම තානාපතිනිය ලෙස 2020 වසරේ විවාහක රෑ රැජින කිරුළ දිනූ කැරොලයින් ජූරි මහත්මිය පත් කරගත් බව එම ආයතනය පවසයි. පසුගියදා පැවැති උත්සවයකදී ඇයට මෙම සන්නාම තානාපතිධුරය පිරිනැමී ඇත.

ස්වර්ණාභරන නිෂ්පාදන ආයතනයක් ලෙස රාජා ජුවලර්ස් එම ක්ෂේත්‍රය තුළ පාරිභෝගික ජනතාව අතර නව  අත්දැකීම් ලබා දීම සඳහා ඉමහත් කීර්තියකට පත්ව ඇතැයිද සඳහන් කරයි. ඒ අනුව 2020 විවාහක රූ රැජින ලෙස කිරුළු පැළැදි කැරොලයින් ජූරි මහත්මිය සිය නිල සන්නාම තානාපතිනිය ලෙස පත් කරගැනීම දේශීය සන්නාමයක් ලෙස ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ගෝලීය පාරිභෝගික ජනතාව වෙතත් සිය සන්නාමය රැගෙන යාම සඳහා ගත් උත්සාහයක් බවද එම ආයතනය පවසයි.

අද වනවිට රාජා ජුවලර්ස් ආයතනයේ සිව්වැනි පරම්පරාව එහි මෙහෙයුම් සිදු කරයි. රන්මිනි එළියපුර සහ නෙත්මිනි එළියපුර එහි නායකත්වය දරයි. විශේෂයෙන්ම රාජා ජුවලර්ස් මගින් විවිධ ක්ෂේත්‍රයන් හරහා කාන්තාවන් බලාත්මක කිරීම සඳහා මූලිකත්වය ගෙන සිටින බවත්, මෙරට තුළ කැපී පෙනෙන කාන්තා චරිත වන පූජා උමාශංකර් සහ කැරොලයින් ජූරි සිය සන්නාම තානාපතිවරියන් ලෙස තෝරා පත් කරගෙන ඇති බවත් පවසා සිටියි.

1928 වසරේදී ඊ.ඒ ප්‍රනාන්දු මහතා විසින් කොළඹ, චැතම් වීදියේදී ආරම්භ කරන ලද EA Fernando Jewellers ආයතනය රාජා ජුවලරස් ආයතනයේ ආරම්භයයි. සාර්ථක ගමනකින් පසුව 1962 වසරේදී ඔහුගේ පුත් රාජා ප්‍රනාන්දු මහතා විසින් සිය ව්‍යාපාර රාජා ජුවලර්ස් ලෙස වෙනස් කිරීමකට ලක් කර තිබේ. අනතුරුව ආයතනයේ තෙවැනි පරම්පරාව ලෙස අශෝක එළියපුර සහ අතුල එළියපුර එක්ව සමාගම සීමාසහිත සමාගමක් බවට පත් කර තිබේ. ඉතා උසස් තත්ත්වයේ ස්වර්ණාභරණ නිෂ්පාදනය වෙනුවෙන් රාජා ජුවලර්ස් ආයතනය අවස්ථා ගණනාවකදීම පිදුම් ලබා තිබේ.

Visits: 96