එබොනි හෝල්ඩිංග්ස් වෙත ‘සූර්ය සිංහ’ සලකුණ

මෙරට මුල්පෙළේ නිමි ඇඳුම් නිෂ්පාදන සමාගමක් වන එබොනි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම වෙත සහ එහි කැපී පෙනෙන පිරිමි ඇඟලුම් සන්නාම වන Vantage, Ebony & Luxure වෙත මව්බිම ලංකා පදනම මගින් පිරිනමන ‘ගන්න අපේ දේ’ සලකුණ සහිත ‘සූරිය සිංහ’ සන්නාමය ප්‍රදානය කෙරුණු බව එම සමාගම පවසයි.

100%ක්ම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් සහිත සමාගමක් සහ වෙළෙඳ ලකුණක් ලෙස සලකමින් Ebony හෝල්ඩිංග්ස් වෙත මෙම පිළිගැනීම හිමිව තිබේ. ඒ අනුව සමාගමේ නිෂ්පාදන සහ ඒවා මිලදී ගැනීම හරහා දේශීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා දායකත්වය ලබා දීම මෙම සන්නාමය හරහා පණිවුඩයක් රැගෙන යන බවද එම සමාගම පවසයි.

මෙහිදී මබ්ම ලංකා පදනම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා විසින් එබොනි හෝල්ඩිංග්ස් හි සභාපති රස්මි රහීම් මහතාට සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ රසීන් රහීම් යන මහත්වරුන් වෙත අදාළ පිළිගැනීම සංකේතාත්මකව ප්‍රදානය කර ඇත. මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේදී මෙම කටයුතු සිදුව ති‍බේ.

තිරසාර ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමේ දැක්ම සඳහා ලබා දෙන දායකත්වය පාදක කරගනිමින් නිෂ්පාදන සම්බන්ධයෙන් සිදු කරන ගැඹුරු ඇගැයීමකින් පසුව යම් සමාගමක් වෙත හෝ නිෂ්පාදනයක් වෙත මෙම සලකුණ පිරිනැමීම සිදු වෙයි. ඒ හරහා දේශීය සම්පත් යොදා ගනිමින් සිය නිෂ්පාදන කයටුතු සිදු කිරීමට අදාළ ව්‍යාපාරිකයන් ධෛර්යමත් කිරීම අරමුණ වී තිබේ.

එසේම මේ හරහා ආනයනය කෙරුණු නිෂ්පාදනවල නොව දේශීයව නිෂ්පාදනය කරන ලද දෑ පරිභෝජනය කිරීම ප්‍රචලිත කිරීමද මව්බිම ලංකා පදනමේ අදහස වී තිබේ. ඒ සඳහා වන ජනතාව දැනුවත් කිරීමද එම පදනම මගින් සිදු කරන බවත් පවසයි. එහිදී වෙළෙඳ නාම සැබෑ ලෙසම ශ්‍රී ලාංකිකද යන්න පිළිබඳව හඳනාගැනීම සඳහා ජනතාවට සහාය දීමක් ඔවුන් අතින් සිදු වෙයි.

Visits: 80