ETF සභාපති අද සිට හේමාස් හෝල්ඩිංග්ස් විධායක අධ්‍යක්ෂ ධුරයට

හේමාස් මැනියුෆැක්චරින් (පෞද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරන ශ්‍රියාන් ඩි සිල්වා විජයරත්න මහතා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස තෝරාපත් කරගෙන ඇතැයි එම සමාගම පවසයි. අද (2020 ඔක්තෝබර් 01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

සිල්වා මහතා මේ වනවිට සේවායෝජකයන්ගේ භාර අරමුදලේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එසේම ඒ මහතා වනසත්ව සහ ස්වභාව ආරක්ෂකන සංගමයේ සභාපතිවරයාද වෙයි.

මීට පෙර ඒ මහතා ටීජේ ලංකා පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධා.න විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත. ඔහුගේ ධුර කාලය තුළදී එම සමාගම ‘ඩොලර් බිලියනයකට වඩා පහළ වටිනාකමින් යුත් ආසියාවේ හොඳම සමාගම 200’ හි ජයග්‍රාහකයා විය. එසේම වර්ල්ඩ් ටෙක්ස්ටයිල් අවෝර්ඩ්ස් හිදී එම සමාගම වසරේ ජාත්‍යන්තර ඇගලුම් සමාගම බවටත් පත් විය.

එසේම ඒ මහතා මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙරට කළමනාකාරවරයා ලෙසද කලක් කටයුතු කර ඇත. එසේම සන්ටෙල් සමාගමේ අලෙවි සහ වෙළෙඳ අධ්‍යක්ෂවරයා ලෙසත්, නෙස්ලේ සමාගමේ සහ අබාන්ස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් ඒ මහතා කටයුතු කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පළමු පන්තියේ උපාධියක් හිමි කරගෙන ඇති ඒ මහතා, එම විශ්වවිද්‍යාලයෙන්ම ගෞරව උපාධියද හිමි කරගෙන ඇත.

Visits: 327