‘21FOR21’ ව්‍යාපෘතියට එයාර්ටෙල් ලංකා සමාගමේ අනුග්‍රහය

ශ්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව තුළ ව්‍යවසායකත්ව කුසලතා සවිබල ගැන්වීම අරමුණෙන් ‘21FOR21’ තේමාව රැගත් 2020 ලෝක තරුණ නිපුණතා දිනය (WYSD) සහ ජාත්‍යන්තර තරුණ දිනය (IYD) සංකේතවත් කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම USAID ආයතනයේ අරමුදලින් ක‍්‍රියාත්මක වන තරුණ නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන YouLead සමඟ අත්වැල් බැඳගෙන ඇතැයි පවසයි. 21 වන සියවසේදී තරුණ රැකියා සහ ව්‍යවසායකත්වය සඳහා විචාරශීලී කුසලතා 21ක් හඳුන්වා දීම මෙම ව්‍යාපාරයේ අරමුණයි.

 ‘21FOR21’ වැඩසටහන අවසන් වූයේ “skills in action” යන තේමාවට අනුව රැකියා ස්ථානවල පවත්වන ලද ඡායාරූප තරගයක් සමඟින්ය. ඡායාරූප තරගයේ ජයග‍්‍රාහකයින්ට වටිනා ස්මාර්ට් ජංගම දුරකතන උපාංගයක් ප‍්‍රදානය කළ අතර නිවසේ සිට රැකියා/ඉගෙනීම් කටයුතු කිරීම සඳහා එම උපාංගය යොදා ගත හැකි බව එයාර්ටෙල් ලංකා සමාගම  පවසයි.

මෙම ඡායාරූප තරගයේ ජයග‍්‍රාහකයින්ට තිළණ ප‍්‍රදානය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි එයාර්ටෙල් ලංකා ප‍්‍රධාන කාර්යාලයේදී සිදු වූ අතර (වමේ සිට දකුණට): ජයග‍්‍රාහකයින් තිදෙනා වන නිශාන්ත් රාජසේගරම්, තරිඳු දිලීප හා කාංචන හේරත් එයාර්ටෙල් ලංකා, ප‍්‍රධාන අලෙවි නිලධාරී, චන්ද්‍රශේකර් සිංග් චෞහාන්, ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා USAID මෙහෙයුම් අධ්‍යක්ෂ, රීඞ් ඒෂ්ලිමන්, YouLead සහයෝගීතා අධ්‍යක්ෂ, වින්ද්‍යා සිල්වා සහ Head – Contact Experience Airtel ෆවාස් නිසාම්ඞීන් යන මහත්ම මහත්මීන් සමගින් ඡායාරූපයකට පෙනී සිටියහ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් එයාර්ටෙල් හි ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘ශ්‍රී ලාංකික තාරුණ්‍ය සවිබල ගන්වන විශිෂ්ට ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවෙකු ලෙස අනාගත පරම්පරාව නවෝත්පාදනය, ගැටළු නිරාකරණය, විචාරශීලීව සිතීම, තාක්ෂණ සාක්ෂරතාවය සහ අනාගතයේදී රැකියා ස්ථානයේ දියුණුවට ඔවුන්ට අත්‍යවශ්‍ය වෙනත් බොහෝ කුසලතා පිළිබඳව අනාගත පරම්පාරාව පුහුණු කිරීමට YouLead සමඟ එක් වීමට ලැබීම ගැන අප සතුටු වෙනවා.’’ යනුවෙන් පවසා සිටියි.

ඇමරිකානු ජනතාව, විසින් අරමුදල් සපයනු ලබන YouLead වැඩසටහන තාක්ෂණික හා වෘත්තීයමය අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට සහ පුහුණු කිරීමට, වැඩි දක්ෂතාවක් සහිත ශ‍්‍රම බලකායක් නිර්මාණය කිරීම සහ සිසුන්, ගුරුවරුන්, ආයතන හා ව්‍යවසායකයින්ට සහාය වෙමින් ශක්තියක් වන ක‍්‍රියාකාරකම් කිරීමෙන් රැකියා ඉහළ නැංවීමට කටයුතු කරයි. එක්සත් ජනපද රජයේ ප‍්‍රධාන සංවර්ධන ආයතනය වන අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID) එයට සහාය දක්වයි.

ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් මත 2014 දෙසැම්බරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද ගෝලීය වැඩසටහනක් ලෙස, ලෝක තරුණ නිපුණතා දිනය (WYSD) තරුණ රැකියා නියුක්තිය ඇති කිරීම සඳහා තරුණ ප‍්‍රජාවට හා අධ්‍යාපනවේදීන් යන දෙපාර්ශ්වයට අවශ්‍යතාවන් හා රැකියාවන් ඉලක්ක කරගත් උසස් තත්වයේ තාක්ෂණික හා වෘත්තීයමය නිපුණතා ආදිය වර්ධනය කිරීමට මතක් කිරීමක් ලෙස ක‍්‍රියා කරයි.

Visits: 46