ඩොලර් බිලියන 2කට Virtusa මිලදී ගැනීමට බේරින්ග් ප්‍රයිවට් ඊක්වටි ඒෂියා සැරසෙයි

මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණික සේවා සම්පාදන සමාගමක් වන වර්චුසා (Virtusa) සමාගමේ මවු සමාගම (වර්චුසා ඉන්කෝපරේෂන්) මිලදී ගැනීමට ආසියාවේ පෞද්ගලික ආයෝජන සමාගමක් වන බේරින්ග් ප්‍රයිවට් ඊක්වටි ඒෂියා (BPEA) සමාගම තීරණය කර ඇතැයි එම සමාගම පවසයි. මෙම ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 2කි.

ගෝලීය සමාගමක් වන වර්චුසා සමාගම 1996 වසරේදී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. මෙම වර්චුසා කෝපරේෂන් සමාගම එක්සත් ජනපද කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමකි.

ශ්‍රී ලංකාවේ වර්චුසා සමාගම

මෙහිදී අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් වන එකඟතාවකට පසුගියදා පැමිණි බව සමාගම් දෙකම නිවේදනය කරයි. එහිදී වර්චුසා සමාගමේ කොටසක් එක්සත් ජනපද ඩොලර් 51.35ක මුදලකට මිලදී ගැනීමට BPEA සමාගම  එකඟතාව පළ කර ඇත. ඒ අනුව සමස්ත ගනුදෙනුවේ වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2කි.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් දක්වන Virtusa හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් කනකරත්න මහතා, &මේ හරහා වර්චුසා සඳහා වන උපායමාර්ගික පරිණාමය පෙන්නුම් කරනවා. මේ සුවිශේෂී අවස්ථාව හරහා අපගේ ව්‍යාපාරය තවත් ඉහළ තලයකට රැගෙන යන අතර, ඒ හරහා ඩිජිටල් යෙදවුම් වේගවත් කිරීමට දායක වෙනවා.* යනුවෙන් සඳහන් කර සිටියි. බෙයාරින්ග් ප්‍රයිවට් ඊක්වටි ඒෂියා හි වර්තමාන වත්මක් ප්‍රමාණය  එක්සත් ජනපද ඩොලර් බිලියන 20ක් පමණ වන බව පැවසෙයි. මෙම ගනුදෙනුව ලබන 2021 වසරේ පළමු අර්ධය තුළදී සිදු කර අවසන් කිරීම සැලසුම වී තිබේ.  

Visits: 575