මහ බැංකු අධිපති අතින් ‘රට පුරාම LANKA QR’ හෙට මාතලේදී දියත් වෙයි

රට පුරා කාසි සහ නෝට්ටු භාවිතයෙන් තොරව ඉලෙක්ට්‍රොනික ගෙවීමේ ක්‍රමවේදය ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව සහ ලංකා ක්ලියර් ආයතන එක්ව ඉදිරිපත් කරන ‘LANKA QR’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ‘රටපුරාම LANKA QR’ හි සමාරම්භක උත්සව හෙට දිනයේදී මාතලේදී පැවැත්වෙන බව ලංකා ක්ලියර් සමාගම පවසයි.

හෙට පෙරවරු 9.00ට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.

මාතලේට LANKA QR (Taking LANKA QR To Matale) යන තේමාව  යටතේ මෙය සංවිධානය වී තිබේ.

මෙහිදී එම වැඩසටහන යටතේ ගෙවීම් සඳහා යටිතල පහසුකම් සපයන්නා ලෙස ලංකා ක්ලියර් ආයතනය කටයුතු කරන අතැ, සාමාජික ආයතන ලෙස ලංකා බැංකුව, කාර්ගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ඩයලොග් ආසිආටා සමාගම, එල්.බී. ෆිනෑන්ස්, එල්ඕඑල්සී ෆිනෑන්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම්, එන්ඩීබී බැංකුව, සම්පත් බැංකුව සහ සණස සංවර්ධන බැංකුව (එස්.ඩී.බී) බැංකුව එක්ව සිටින බවත් සඳහන් වෙයි.

Visits: 213