සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් කොටස් වෙළෙඳ පොළ ‘Watch List’ ලැයිස්තුවට

කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අද පෙරවරුවේදී සිය Watch list ලැයිස්තුවට ඇතුළත් කළ බව කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.

2020 මාර්තු 31 වැනිදායින් අවසන් වන පළමු කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම මෙලෙස එම සමාගම Watch list ලැයිස්තුවට ඇතුළත් කිරීමට හේතුව බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සෞඛ්‍යසේවා, මූල්‍ය, සිල්ලර, විවේකය, මෝටර් රථ, තොරතුරු තාක්ෂණ සහ වෙනත් යනාදී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් පුරා ව්‍යාප්තවුණු ව්‍යාපාර රැසක් පුරාම ව්‍යාප්තව  පවතී. එහි සමස්ත සේවකයන් සංඛ්‍යාව 11,042 කි.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී පූර්ණ අනුබද්ධිත සමාගම් ලෙස ක්‍රියාත්මක වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී, සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සහ ඔඩෙල් පීඑල්සී යන සමාගම්ද වෙන් වෙන්ව කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගතව පවතී.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගම මෙම ලැයිස්තුවට ඇතුළු වන විට එහි කොටසක වටිනාකම රුපියල් 10.80ක් ලෙස සටහන් විය.

මේ දක්වා විවිධ හේතු නිසා ලැයිස්තුගත සමාගම් 21ක් කොටස් වෙළෙඳපොළ මගින් මෙම ‘Watch List’ ලැයිස්තුවට එකතු කර තිබේ. එහිදී ඇතැම් සමාගම්වල ගනුදෙනුද අත්හිටුවා ඇත.

Visits: 477