දේශීය නිෂ්පාදන අංශය ඉහළ ගියත් බැංකු වටිනාකම් පහතට

අද (සැප්තැම්බර් 07) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවලදී බොහෝ සමාගම්වල කොටස් වටිනාකම් සැලකිය යුතු අගයන්ගෙන් පහත වැටුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී බැංකු කොටස් වටිනාකම් තවදුරටත් යම් පීඩනයකට ලක්ව ඇති අතර, දේශීය නිෂ්පාදන අංශයේ සමාගම්හි කොටස් වටිනාකම් යම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇතැයි එම සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 04දා) දිනයට සාපේක්ෂව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්මස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයත් ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,306.92 ත් ඒකක 5,330.46 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,310.67ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 04දාට) සාපේක්ෂව එය ඒකක 0.75 ක් එනම් 0.01%ක ඉතාමත් සුළු පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 95ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 78ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී UAL (+3.1), කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී CARG (+3.0), ආර්.අයි.එල්. ප්‍රොපර්ටී පීඑල්සී RIL (+2.4), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.9), සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (+1.3), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-3.3), ලයන් බෘවරීස් සිලෝන් පීඑල්සී LION (-3.1), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-2.1), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-1.7)  සහ සම්පත් බැංකුවSAMP (-1.4) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,307.89 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 04) දිනයට සාපේක්ෂව ඒකක 13.68 ක එනම් -0.59%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 757ක් ලෙස සටහන්ව තිබූ අතර, එය සිකුරාදා දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 1.02 ට සාපේක්ෂව 26%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.31 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 19.05%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 9.47ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 37.94ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 28.47කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 33.01ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.68කි. එසේම කොමර්ෂල් බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 8.37ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 132ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 17% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන උපාංග සහ ආහාර, පාන සහ දුම්කොළ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 122ක සහ රුපියල් මිලියන 100ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 328