New Generation Awards 2020 සඳහා අයදුම්පත් කැඳවෙයි

Women In Management ආයතනය හා ජාතික තරුණ සේවා සභාව එක්ව, සංවිධානය කරනු ලබන New Generation Awards සම්මාන උළෙල නොවැම්බර් මස 24 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇතැයි පවසයි.

නිර්මාණශීලී තරුණ නායකත්වයෙන් පිරිපුන් තරුණ පරපුරක් බිහි කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල සඳහා වයස අවුරුදු 16-30 අතර, තරුණ තරුණියන්ට අයදුම් කළ හැකි වන අතර, අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් මස 05 දා බවත් සංවිධායකයන් පවසයි.

මේ සඳහා වන අයැදුම්පත් www.womeninmanagementawards.org වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර, අදාළ අයදුම්පත් wimnagawards@gmail.com විද්‍යුත් ලිපිනයට හෝ Women in Management, L2 – 4 Realty Plaza, ja-ela ලිපිනයට යොමු කළ යුතුය.

මෙම සම්මාන උළෙලේදී, අධ්‍යාපන, ක‍්‍රීඩා, ජනමාධ්‍ය, කෘෂි කර්මය, කලා සංගීත, නර්තනය හා රංගනය, සංචාරක, ව්‍යවසායකත්වය, සමාජ සේවය යනාදී ක්ෂේත්‍රයන් 13 ක් ඔස්සේ සම්මාන ප‍්‍රද්‍රානය කරනු ලබයි. එමෙන්ම, තම වෘත්තීන්හි නිරත වීමේදී විශිෂ්ට ප‍්‍රමිතියෙන් යුත් වෘත්තීය සේවාවක් ඉටු කරනු ලබන යොවුන් වෘත්තිකයන් හඳුනාගැනීමටද මෙහිදී අපේක්ෂා කරනු ලබන හෙයින් සියළුම ව්‍යාපාරික අංශ සහ වෘත්තීය ආයතනවලට ද මේ සඳහා අයදුම් කළ හැකිය.

මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල සභාපති ලෙස ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්/ සභාපති තෙෂාර ජයසිංහ මහතා කටයුතු කරනු ලබන අතර, සෙසු සාමාජිකයන් ලෙස වරුණි අමුණුගම ප‍්‍රනාන්දු, ගෞරි රාජන්, දිනේෂ් වීරක්කොඩි, ඉන්දිරා සමරසිංහ, ලෝපා රහ්මාන් යන මහත්ම මහත්මීන් කටයුතු කරයි.

මෙහිදී යොවුන් ආයතනික වෘත්තීය නායකයා තෝරා සම්මාන පිරිනැමීමද යොවුන් පුරෝගාමී සම්මානය, යොවුන් ක‍්‍රියාකාරී සාමාජිකයා වෙනුවෙන් සම්මාන පිරිනැමීම සහ විනිශ්චය මණ්ඩලයේ සම්මානය යනාදී සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරෙන බවත් සංවිධායකයන් පවසා සිටියි.

සිංහල අයදුම්පත මෙතැනින් ඩවුන්ලෝඩ් කර ගත හැකිය

Visits: 118