සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්හි ප්‍රධාන තනතුරු තුනක් අලුත් වෙයි

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස රොජර් රොසයිරෝ මහතාත්,  නව ප්‍රධාන මුල්‍ය නිලධාරීවරයා ලෙස ඉවෝන් බ්‍රෝහියර් මහත්මියත්, නව අලෙවි සහ බෙදාහැරීම් ක්‍රම ප්‍රධානී ලෙස දයාන් රණසිංහ මහතාත් පත්කර ඇති බව බව එම සමගම පවසයි.

මෙම නව පත් කිරීම් පිළිබඳ අදහස් දක්වන පළ කරන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත විජේසේකර මහතා, සිය ආයතනයේ අනාගත මෙහෙයුම් සහ ක්‍රමෝපාය සඳහා අත්‍යවශ්‍යවන අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් සමඟින් නව කළමනාකාරිත්වයට එක්වන රොජර්, ඉවෝන් සහ දයාන් සාදරයෙන් පිළිගන්නා බව සඳහන් කරයි.

“මුල්‍ය ක්ෂේත්‍රයේ තරගකාරිත්වයට සාර්ථකව මුහුණදීම සඳහා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය ව්‍යාපාරික ක්‍රමවේද නැවුම් වෙනසකට ලක්කරමින් ඩිජිටල්කරණය සඳහා මගපාදමින් සිටිනවා. අලුතින් පත්වූ නායකත්ව කණ්ඩායම එම පරිවර්තනීය ගමනේදී කැපීපෙනෙන අගයක් සහ දායකත්වයක් ලබාදෙනු ඇති බව අපගේ විශ්වාසයයි.” යනුවෙන්ද ඒ මහතා පවසයි.

මේ අතරින් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත් වූ රොසයිරෝ මහතා, පාරිභෝගික ණය, අවදානම් කළමනාකරණය, ණය අයකර ගැනීම් සහ කළඹ කළමනාකරණය යන ක්ෂේත්‍රවල අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයේ ක්‍රමෝපාය ඵලදායීව සහ කාර්යක්ෂමව දියත් කිරීම සඳහා දායකත්වය ලබාදීමට නියමිතය.

වසර 16 ක වෘත්තීය දිවියකට හිමිකම් කියන ඒ මහතා සතු දත්ත විශ්ලේෂණය සහ ඩිජිටල්කරණය සම්බන්ධ පුළුල් දැනුම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයට මහඟු අගයක් එක්කරනු ඇතැයිද පවසයි. ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ රොසයිරෝ මහතා 2004 දී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට සම්බන්ධවී ඇත. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමඟ සම්බන්ධ වීමට පෙර නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ණය අයකර ගැනීමේ ක්‍රමෝපාය, විශ්ලේෂණ සහ අනුකූලතා අංශයේ උප සභාපති ධුරය හොබවා තිබේ.

රොසයිරෝ මහතා එක්සත් රාජධානියේ ව්‍යාපාර විධායක නිලධාරීන්ගේ සංගමයේ (ABE) සාමාජිකයෙකු ද වන අතර පශ්චාද් කළමනාකරණ ආයතනයේ ව්‍යාපාර පරිපාලන පශ්චාද් උපාධියකට ද හිමිකම් කියයි.

වසර 14 කට අධික වෘත්තීය අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයේ නව ප්‍රධාන මුල්‍ය නිලධාරී බ්‍රොහියර් මහත්මිය මුල්‍ය වාර්තාකරණය, මුල්‍ය කළමනාකරණය, ක්‍රමවේද වැඩි දියුණු කිරීම්, තොරතුරු පද්ධති සහ ව්‍යවස්ථාපිත විගණනය යන ක්ෂේත්‍රවල ප්‍රගුණකර ඇත.

විවිධ මුල්‍ය ආයතන කිහිපයක ප්‍රමුඛ තනතුරු දරා ඇති එම මහත්මිය ප්‍රධාන මුල්‍ය නිලධාරී ලෙස අබාන්ස් ෆිනෑන්ස් ආයතනයට සම්බන්ධ වී පසුව සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනට සම්බන්ධවීමට පෙර එම ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළාය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන බ්‍රොහියර් මහත්මිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ (ICASL) සාමාජිකාවක වන අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධිය හිමිකර ගත්තාය.

මේ අතර, සොෆ්ට්ලොජික් සමූහයේ මුල්‍ය සේවා අංශයේ ආයතනික මුල්‍ය, භාණ්ඩාගාර සහ වත්කම් කළමනාකරණ යන අංශ ආවරණය කරමින් වසර 8 කට අධික කාලයක් පුරා කටයුතු කළ දයාන් රණසිංහ මහතා අලෙවි සහ බෙදාහැරීම් ක්‍රම අංශයේ ප්‍රධානී ලෙස සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය සමඟ සම්බන්ධ වෙයි.

ඒ අනුව, එම ආයතනයේ භාණ්ඩාගාර අංශයට අමතරව සියලු අලෙවි සහ බෙදාහැරීම් ක්‍රම පිළිබඳ වගකීම රණසිංහ මහතා විසින් ඉටුකරනු ඇත. මෙම නව පත්වීමට පෙර සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ භාණ්ඩාගාර ප්‍රධානී ලෙසත්, සොෆ්ට්ලොජික් සමූහයේ මුල්‍ය සේවා අංශයේ භාණ්ඩාගාර අංශ ප්‍රධානී ලෙසත් කටයුතු කළ රණසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු මෙන්ම එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහකාර සාමාජිකයෙකු ද වෙයි.

2011 අංක 42 දරන මුල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මුල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්, 2000 අංක 56 දරන මුල්‍ය කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි විශේෂඥ කල්බදු සමාගමක්ද වෙයි.

Visits: 247