ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් COVID- 19 අරමුදලට ඇ.ඩො. 500,000 ක්

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම COVID-19සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට අමරිකානු ඩොලර් 500,000ක (රුපියල් මිලියන 92.5 ) මුදලක් පරිත්‍යාග කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි..

ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලයේ දී පසුගියදා ස්ටෑන්ඩර්ටඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා විසින් සංකේතාත්මකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ COVID- 19ට එරෙහි සටනට සිය දායකත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හරහා බැංකුව මෙම පරිත්‍යාගය සිදු කර තිබේ. එහිදී ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් පීඑල්සී මගින් ලබා දුන් අමරිකානු ඩොලර්300,000ක් හා මෙරට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බංකුව ලබාදුන් අමරිකානු ඩොලර් 200,000කින් මේ මුදල සමන්විත වන බව පැවසෙයි.

කොරෝනා වෛරසය පාලනය සහ මර්ධනය,රෝගය පැතිරයාම වැළැක්වීම සහ පෙර සූදානම, වෛරසය පිළිබඳ ජනතාව නිවැරදිව දැනුවත් කිරීම, රෝගීන් හඳුනාගැනීම සඳහා උපකරණ මිලදී ගැනීම වැනි කාර්යයන් සඳහා මේ මුදල යොදවනු ඇතැයි බැංකුව අපේක්ෂා කරන බවත් සඳහන් කරයි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ,ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ස්ටෑන්ඩර්ටඩ් චාර්ටඩ් බැංකුවේ සන්නාම සහ අලෙවිකරණ ප්‍රධානී අනුක් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Visits: 27