අලුත් ගමනක් අරඹමින් ‘කාර්ගිල්ස් ඔන්ලයින්’ ළගදීම එනවාලු

ශ්‍රී ලංකාව වෙත පළමුවරට සුපිරි වෙළෙඳ සැල් අත්දැකීමක් ගෙන ආ කාර්ගිල්ස් සමාගම තවත් මුලපිරීමක් සිදු කරමින් නවතම සාප්පු අත්දැකීමක් ගෙන ඒමට සූදානමින් සිටින බව පවසයි.

%කාර්ගිල්ස් ඔන්ලයින්^ ලෙස නම් කෙරී ඇති මෙම වැඩසටහන අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමේ සේවාවක් බව ඒ සඳහා නිකුත් කර ඇති පූර්ව ප්‍රචාරක දැන්වීම් තුළ සටහන්ව ඇත. දැනටමත් Cargills Online සඳහා www.cargillsonline.com වෙබ් අඩවියක්ද ආරම්භ කෙරී ඇති අතර, සමාජ මාධ්‍ය ගිණුම්ද ක්‍රියාත්මක වෙයි.

එසේම ජංගම දුරකතන ඇප් වැඩසටහනක් ලෙසද මෙය ක්‍රියාත්මක වන බව පැවසෙයි. ඇපල් ඇප්ස්ටොර් හරහා හෝ ගූගල් ප්ලේ හරහා එය ඩවුන්ලෝඩ් කරගත හැකිය.

නැවුම්ව ඔබේ නිවසටම යන පාඨයෙන් ක්‍රියාත්මක වන මෙම සේවා පැය 24 පුරා ලංකාවේ කොතැනකදීත් සැලසෙන බවත්, හොඳම භාණ්ඩ හොඳම මිලට ලබා දෙමින් කාර්ගිල්ස් විශ්වාසය අනුව පවත්වාගෙන යන බවත් කාර්ගිල්ස් ඔන්ලයින් සඳහන් කරයි.

කෙසේ වෙතත් තවමත් මෙම ‘කාර්ගිල්ස් ඔන්ලයින්’ සේවාව ආරම්භ වන දිනයක් පිළිබඳව අනාවරණය වී නැත.

Visits: 199