අශීෂ් චන්ද්‍රා එයාර්ටෙල් ලංකා ප්‍රධාන විධායක ධුරයට

එයාර්ටෙල් ලංකා සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස අශීෂ් චන්ද්‍රා මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. මෙරට වඩාත්  ඉහළ තාක්ෂණික ජාලයක් ඇති කර, නවීනතම ඩිජිටල් පහසුකම් රට තුළ ඇති ඇති කරවමින් එයාර්ටෙල් සමාගමේ වර්ධනය කරවීම නව ප්‍රධාන විධායක නිලධාරියාගේ අදහස බව සමාගම සඳහන් කරයි.

මෙම නව පත් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වන භාරතී එයාර්ටෙල් සමාගමේ (ඉන්දියාව සහ දකුණු ආසියාව) ගෝපාල් විට්ටල් මහතා, “අශීෂ් චන්ද්‍රා මහතා එයාර්ටෙල් ලංකා වෙත සාදරයෙන් පිළිගන්නවා. සිය පාරිභෝගිකයන් වෙත ලෝක මට්ටමේ සේවාවක් ලබා දීමේ එයාර්ටෙල් දැක්ම වෙත වැඩි වටිනාකමක් එක් කිරීමට අශීෂ් සතු අත්දැකීම් හේතු වෙනු ඇතැයි මට විශ්වාසයි. ඒ අනුව ඉදිරි මාස කිහිපයේදී එයාර්ටෙල් පාරිභෝගිකයන්ට බොහෝ නවෝත්පාදන රැසක්ම අත්දැකීමට අවස්ථාව හිමි වේවි. අශීෂ් වෙත සහ ඔහුගේ කණ්ඩායම වෙත  යහපත් අනාගතයක් වෙත සුභ පැතුම් එක් කරනවා.” යනුවෙන් පවසා සිටියි.

අශීෂ් චන්ද්‍රා ඉන්දීය දුරකතන සන්නිවේදන කර්මාන්තය තුළ දශක දෙකකට අධික අත්දැකීම් සම්භාරයකින් සමන්විත බවත්, මෙම කාලසීමාවේදී ඔහු ඉන්දියාවේ ප්‍රධාන දුරකතන සන්නිවේදන සමාගම් කිහිපයකම ප්‍රධාන ධුර දරා ඇති බවත් පවසයි. එයාර්ටෙල් ලංකා වෙත සම්බන්ධ වීමට පෙරාතුව ඔහු වොඩාෆෝන් අයිඩියා සමාගමේ (උත්තර් ප්‍රදේශ් සහ උත්තර්ඛන්ද්) හි ව්‍යාපාර ප්‍රධානී සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත.

 ඉන්දියාවේ මැල්වියා ජාතික තාක්ෂණික ආයතනයේ කාර්මික ඉංජිනේරු උපාධියක් හිමි කරගෙන ඇති අශීෂ් චන්ද්‍රා කළමනාකරණය පිළිබඳ පොඩාර් ආයතනයේ සිය එම්.බී.ඒ උපාධිය හිමි කරගෙන ඇත.

Visits: 62