ශ්‍රී ලංකා සංචාරක නියෝජිතවරුන්ගේ සංගමය නව රජයට සුභ පතයි

පසුගිය අගෝස්තු 05 වැනිදා පැවැත් වූ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා බලයට පත් වූ වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය වෙත සහ මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිය සුභාසිංශන එක් කරන බව ශ්‍රී ලංකා සංචාරක නියෝජිතවරුන්ගේ සංගමය (TAASL – Travel Agents Association of Sri Lanka) නිවේදනයක් මගින් සඳහන් කරයි.

එහිදී සංගමයේ වත්මන් සභාපති චන්න විජේමාන්න මහතා නව රජය විසින් සිය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, නව පරිපාලනය සමගින් වඩාත් සමීපව කටයුතු කිරීමට පියවර ගන්නා බවත් පවසා සිටියි.

ශ්‍රී ලංකා සංචාරක නියෝජිතවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය, සංචාරක කර්මාන්ත නිපුණතා කවුන්සිලය යන ආයතනන නියෝජනය කරන බවත්, මෙරට සංචාරක සහ සංචරණ කර්මාන්තය වෙනුවෙන් ‘එක් කර්මාන්තයක් එක හඬක්’ යන මුලපිරීමේ සාමාජිකයෙකු බවත් පවසයි.

1974 වසරේදී ඔක්තෝබර් 22 වැනිදා පිහටුවුණු ශ්‍රී ලංකා සංචාරක නියෝජිතායතන සංගමය ලංකා වාණිජ මණ්ඩලයේ අනුමැතිය ලැබූ සංගමයකි. අද වනවිට එය රටෙහි සංචාරක නියෝජිත ආයතන 165කට  ආසන්න සංඛ්‍යාවකගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියි.

Visits: 35