ඩේන්ටී අත්පත් කර ගැනීමත් සමඟ Sunshine Consumer සිය ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමක

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම් සමූහයේ පාරිභෝගික අංශය විසින් රුපියල් බිලියන 1.7කට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රසකැවිලි සමාගමක් වන ඩේන්ටී සමාගම අත්පත් කර ගනිමින් ඩේන්ටී, මයිලේඩි සහ බෙන්සන්ස් ඇතුළු ප‍්‍රසිද්ධ වෙළෙඳ නාම කිහිපයක් සිය සමාගම් සමූහයට එක් කරගෙන ඇතැයි පවසයි.

සන්ෂයින් මෙම පියවර ගනු ලබන්නේ, සිය තේ සන්නාමය අංක 1 ස්ථානයේ රඳවා ගනිමින් තේ වලින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන FMCG ක්ෂේත‍්‍රය තුළ තම ආයෝජන සමූහය උපාය මාර්ගිකව පුළුල් කිරීමට සන්ෂයින් සමූහය අපේක්ෂා කරන මොහොතක බවත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප‍්‍රියතම තේ සන්නාම වන වටවල, Zesta සහ රන් කහට අලෙවිය හා බෙදා හැරීම සිදු කරන Sunshine Consumer හි වර්ධනය වන ව්‍යාපාර සමූහය සමඟ ඩේන්ටී සමාගම එක්වීම සිදු වෙයි. දේශීය වෙළෙඳ නාම දියුණු කිරීම කිරීම සහ ගොඩනැගීම සඳහා වූ සන්ෂයින් සමූහයේ උපාය මාර්ගයට අනුව මෙම අත්පත් කර ගැනීම සිදු වුණු බවත් පවසයි..

1984 දී එක්සත් ජනපදයේ කීර්තිමත් රසකැවිලි සමාගමක් වන Baker and Dobson සමඟ එක්ව ආරම්භ කරන ලද ඩේන්ටී සමාගම රසකැවිලි හා ටොෆී ක්ෂේත‍්‍රයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වේ. වර්තමානයේදී සමාගමට ටොෆී, රසකැවිලි, ජෙලි, චොකලට් සහ කොකෝවා ආශ‍්‍රිත රසකැවිලි, බබල්ගම්, අතුරුපස, බිස්කට් සහ කෙටි ආහාර (ස්නැක්) වලින් සමන්විත පුළුල් නිෂ්පාදන පරාසයක් සමාගම සතු වන අතර ටොෆී හා රසකැවිලි ක්ෂේත‍්‍රයේ 40%ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියයි. මෙම නිෂ්පාදන ඩේන්ටී, මයිලේඩි (Milady), බෙන්සන්ස් (Bensons), චිටෝ (Chito), චික්ස් (Chix), එක්ස්ට‍්‍රා (X-tra), මිස්ටර් බිට්ස් (Mr. Bitz&) එක්ස්සෙලා (Excella) සහ ලෝන්ග්ලිව් (Longlive) යන වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරේ.

මේ අත්පත් කරගැනීම පිළිබඳව අදහස් දක්වන සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂක විශ් ගෝවින්දසාමි මහතා, ඩේන්ටී ලිමිටඩ් හි රසකැවිලි වෙළෙඳ නාම සහ එහි දක්ෂ සේවකයින් සන්ෂයින් සමූහයට සාදරයෙන් පිළිගැනීමට ලැබීම අපට සතුටක් යනුවෙන් පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා, “ඩේන්ටී සමාගමට අයත් වෙළෙඳනාම පරම්පරා ගණනාවක් තිස්සේ ජනප‍්‍රියතාවය සහ විශ්වාසය දිනාගෙන ඇති සමාජයේ සියලූ දෙනා අතර ජනප‍්‍රිය වෙළෙඳනාම වේ. ඩේන්ටී සමාගමට අයත් වෙළෙඳනාම එකතු කර Sunshine Consumer” FMCG වෙළෙඳපොළ තුළ ශක්තිමත් සමාගමක් බවට පත් වීමට යෑමේ අපගේ ඉලක්කයේ වැදගත් පියරක් ලෙස දැක්විය හැකියි. අපගේ අලෙවිකරණ දක්ෂතාවය නිසා ශ්‍රී ලංකාවේ අංක 1 සන්නාමය සහිත තේ සමාගම වීමට අපට හැකි වී තිබෙන අතර අපගේ සෑම වෙළෙඳ නාමයක්ම ඒ ඒ ක්ෂේත‍්‍රයේ අංක 1 බවට පත් වීමේ අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ද සඳහන් කරයි.

ඩේන්ටී සමාගමට රත්මලාන කර්මාන්ත පුරයෙහි ප‍්‍රධාන නිෂ්පාදන කර්මාන්තශාලා දෙකක් ද, ගබඩා කිරීමට හා ඇසුරුම් කිරීමට වෙනත් ස්ථාන හතරක් ද ඇත. තවද, ඩේන්ටී සමාගම ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමි කර ගෙන ඇති අතර දිවයිනේ උසස් තත්වයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානයක් ඇති එකම රසකැවිලි සමාගම ද වෙයි.

පෙර ලිපිය –
සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගම ‘ඩේන්ටී’ සමාගම අත්පත් කරගනී

Visits: 331