පෑන් ඒෂියා තහනම තවත් මාස හයකට දිග් කෙරේ

මෙරට වාණිජ  බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික ගනුදෙනු බලපත්‍රය සම්බන්ධයෙන් පනවා තිබූ තහනම තවත් මාස 6ක කාලයකට දිග් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

ඊට අදාළ උපදෙස මහ බැංකුව හරහා තමන් වෙත ලැබුණු බව පවසමින් පෑන් ඒෂියා බෑන්කිං කෝපරේෂන් පීඑල්සී සමාගම ඊයේ (2020 අගෝස්තු 17දා) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ දැනුවත් කරමින් මේ බව සඳහන් කර සිටියි.

2017 වසරේ අගෝස්තු 15 වැනිදා සිට මෙලෙස මාස හය බැගින් බැංකුව මගින් සිදු කරන රජයේ සුරැකුම්පත් මත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදු කරන ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීමට මහ බැංකුව පියව ගෙන ඇත.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ගන්නා තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක වෙයි. අවසන් වරට මෙම තහනම දිග් කෙරුණේ පසුගිය 2020 පෙබරවාරි 15 වැනිදාය.

කෙසේ වෙතත් මෙම තහනම මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් සාමාන්‍ය ක්‍රියාකාරකම් හා ගනුදෙනු සේවාවන් සඳහා කිසිදු බලපෑම් ඇති නොවන බවට මහ බැංකුව අවධාරණය කර ඇතැයිද පෑන් ඒෂියා බෑන්කිං කෝපරේෂන් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

පෙර ලිපිය –
පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවි ගනුදෙනු තවත් මාස හයකට අත්හිටුවෙයි

Visits: 639