නිවසේ සිට රාජකාරී/ඉගෙනීම් කරන්නන්ට අලුත්ම එයාර්ටෙල් ඩේටා පැකේජයක්

එයාර්ටෙල් ලංකා සමාගම නිවසේ සිට රාජකාරී සහ ඉගෙනීම් කටයුතුවල නිරත වන සිය පරිශීලකයින්ට සහාය වීම සඳහා නවතම පැකේජයක් හඳුන්වා දී ඇතැයි පවසයි. e-learning වේදිකා, රැස්වීම් සහ සජීවී අන්තර්ජාල විකාශයන් ආදී කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් ඉහළ යන ඬේටා භාවිතයට ප‍්‍රතිචාරයක් ලෙස මෙම හඳුන්වාදීම සිදු කර තිබේ.

මෙම නවතම ඩේටා පැකේජය ඇදහිය නොහැකි ආකාරයේ පහසුකම්වලින් යුතුව නිවසේ සිට ඉගෙනීම් කටයුතුවල නිරත වීමට හැකි පරිදි වැඩි දියුණු කර ඇති අතර දුරස්ථ ඉගෙනුම් මෙවලම් සහ Google Classrooms, Zoom, Microsoft Teams, Microsoft Outlook, Microsoft Office 365 වැනි e-learning වෙබ් අඩවි හා රජයේ අනෙකුත් අනිවාර්ය e-learning වෙබ් අඩවි සඳහා දින 30ක කාලයක් සඳහා අසීමිත භාවිතාවක් මෙම දීමනාව මඟින් ලබා දෙනු ඇත.

මෙම පැකේජය සියලූම වයස් කාණ්ඩවල පුද්ගලයින්ට බාධාවලින් තොර හා ආරක්ෂිත වෙබ් අඩවිවලට ප‍්‍රවේශයක් ලබා දෙන අතර කිසිදු අමතර ඩේටා එකතු කිරීමකින් තොරව නිවසේ සිට ඉගෙනීම් කටයුතුවල නිරත වන පරිශීලකයින් සඳහා වඩාත් සුදුසුය. නිවසේ සිට රාජකාරී කටයුතු කරන පුද්ගලයින්ට ඒ හා සමාන වේදිකාවන්ට පිවිසීමට හැකියාව ඇති අතර මෙම වේදිකාවලින් පිටත වෙනත්  ඕනෑම ඬේටා භාවිතයකදී එය පරිශීලකයාගේ දැනට පවතින ඩේටා සැලැසුම යටතට ගැනෙනු ඇතැයිද එයාර් ටෙල් පවසයි.

බදු ඇතුළුව රුපියල් 1499/-ක් වැනි මිලකට හඳුන්වා දෙන මෙම නවතම ඩේටා සැලසුම පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට ලබා ගත හැකිය. මෙම SFH හා WFH ඬේටා දීමනාව අමතර ඩේටා එකතු කිරීමේ විකල්පයක් ලෙස හඳුන්වා දෙන අතර දිනපතා උදෑසන 8 සිට රාත‍්‍රී 10 දක්වා භාවිතයට ගත හැකිය. මෙම පැකේජ දෙක ‘MyAirtel’ යෙදවුම හරහා මිලදී ගත හැකිය. වැඩි විස්තර සඳහා ‘My Airtel යෙදවුම වෙත හෝ www.airtel.lk වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි බවත් එයාර් ටෙල් සඳහන් කරයි.

Visits: 38