“වේගවත් ආර්ථික පුනර්ජීවනයක් සඳහා වූ ප්‍රබල ජනවරම පිළිගනී” – ලංකා වාණිජ මණ්ඩලයෙන් නව රජයට සුබ පැතුම්

2020 මහ මැතිවරණ ජයග්‍රහණය සහ ඡන්දදායක පුරවැසියන්ගෙන් ලැබුණු පැහැදිලි බහුතර ජනවරම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අලුතින් තේරී පත් වූ රජය වෙත ලංකා වාණිජ මණ්ඩලය සිය සුබ පැතුම් එක් කරන බව නිවේදනයක් මගින් සඳහන් කරයි.

එම නිවේදනය මෙසේය,

පුරවැසියන්ගේ ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කර ගනිමින් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී ලැබූ ආදර්ශමත් ප්‍රතිඵල තුළින් අතිගරු ජනාධිපතිතුමා සහ රජය ලබාගත් විශ්වාසය, ඔවුන් ලද මෙම ජනවරමෙහි අනෙකුත් සාධක අතර පිළිබිඹු වන බව වාණිජ මණ්ඩලය විශ්වාස කරයි. ඒ හා සමානවම මෙම ජනවරම පශ්චාත්කොවිඩ්-19 සන්දර්භය තුළ වේගවත් හා අන්තර්ගත වූ ආර්ථික පුනර්ජීවනය සහ ජාතික සංවර්ධනය සම්බන්ධයෙන් වනදැඩි අපේක්ෂාවන් ද නියෝජනය කරන බව වාණිජ මණ්ඩලයේ අදහසයි.

ආර්ථික පුනර්ජීවනය වේගවත් කරන සුවිශේෂී, ශක්තිමත් හා නව්‍ය වූ ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීමට රජය විසින් සිය ජනවරම භාවිත කරනු ඇතැයි වාණිජ මණ්ඩලය බලාපොරොත්තු වේ. ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය සඳහා ප්‍රගතිශීලී පිවිසුමක් සමඟ දේශීය නිෂ්පාදනයේ මූලික මූලධර්ම ශක්තිමත් කිරීම, වෙළඳ හිඟය අඩු කිරීම සහ රාජ්‍ය අයවැය හා මූල්‍ය විනයන් ශක්තිමත් කිරීම සඳහා වන විවිධාකාර වූ අභියෝගයන්ටද රජය මුහුණ දිය යුතු වේ. ඒ අතරම හැකි සෑම අයුරකින්ම  කොවිඩ්-19 හි දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම ද මූලික වේ.

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර ප්‍රමාණය සීමා කිරීමට අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය වාණිජ මණ්ඩලය අගය කරනු ලබයි. එමඟින් රාජ්‍ය අංශයේ ඵලදායිතාව සහ කාර්යසාධනයන් ඉහළ නැංවීම මෙන්ම රාජ්‍ය මූල්‍ය හිඟයන් කළමනාකරණය කිරීම සඳහා වන රජයේ කැපවීම සංඥා කරයි. මෙම පසුබිම තුළ, රාජ්‍ය අංශයේ වියදම් යලි සමාලෝචනය කිරීම, සිවිල් සේවය සවිබල ගැන්වීම සහ කුසලතා සංවර්ධනය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සහ ප්‍රාග්ධන බලමුලු ගැන්වීමේ ක්‍රම ලෙස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇති කිරීම කෙරෙහි වන සාමූහික ප්‍රයත්නයක් කෙරෙහි රජයේ අවධානය යොමු වනු ඇතැයි වාණිජ මණ්ඩලය අපේක්ෂා කරයි.

ප්‍රතිපත්ති, නියාමන, රාජ්‍ය ව්‍යවසාය සහ කාර්යසාධන කළමනාකරණ කාර්යයන් නිශ්චිතව විස්තර කිරීමට සමගාමීව, විෂයයන් පැහැදිලිව සහ ක්‍රියාකාරීව පවරමින් අමාත්‍යාංශ විධිමත් කිරීම ඇතුළත්, පාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම කළමනාකරණය සම්බන්ධයෙන් නව ආදර්ශයක් රජය විසින් ස්ථාපිත කරනු ඇතැයි වාණිජ මණ්ඩලය බලාපොරොත්තු වේ. රජයේ ප්‍රතිපත්තියෙහි අඛණ්ඩතාවය සහ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අමාත්‍යාංශවල ප්‍රශස්ත සැකැස්ම නීති පද්ධතිය තුළ ස්ථාපනය කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබේ.

ආර්ථික පුනර්ජීවනය සහ සමාජයීය පැවැත්ම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල් දැක්මක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම, වේගවත් ආර්ථික පුනර්ජීවනයක් සඳහා පසුබිම සකසයි. ඒ අනුව ලංකා වාණිජ මණ්ඩලය විසින් රජයෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රතිපත්ති සම්පාදනය හා නීති සම්පාදනය සම්බන්ධයෙන් ව්‍යාපාරික මණ්ඩල වල කාලෝචිත උපදේශනය ඇතුළත් ප්‍රගතිශීලී සංවාදයක් පවතින බවට තහවුරු කිරීම වන අතර එමඟින් ශ්‍රී ලංකාවේ විශාල, මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යවසාය අංශ ඉහළ තරඟකාරී මට්ටමකට එළඹීම සහතික කරනු ඇත. එය ජාතියේ ආර්ථික පුනර්ජීවනයෙහි ප්‍රධාන ප්‍රතිෂ්ඨාවක් වනු ඇත. ඩිජිටල්කරණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආහාර සුරක්‍ෂිතතාව සහ බලශක්ති ප‍්‍රමාණාත්මකතාව ඇතුලත් වර්ධන සක්‍රීයයන් ශක්තිමත් කිරීම සඳහා පෞද්ගලික හා රාජ්‍ය අංශවල හවුල් ප‍්‍රමුඛතාවන්  ලෙස පැවතිය යුතුය. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රධාන නියෝජිතයා ලෙස ලංකා වාණිජ මණ්ඩලය, සියළු පුරවැසි සහ ව්‍යාපාර අංශවලට ප්‍රතිලාභ ලබා දීමට සමගාමී වන වේගවත් ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීමේ ජාතික න්‍යාය පත්‍රයට අදාළව, ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට අපේක්‍ෂා කරයි.

Visits: 26