ජූඩ් ඩිනාල් පීරිස් ලංකා ඇලුමිනියම් විධායක සභාපති වෙයි

ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සමාගමේ නව විධායක සභාපතිවරයා ලෙස ජූඩ් ඩිනාල් පීරිස් මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. ඒ මහතා මෙතෙක් කලක් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

2020 අගෝස්තු 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ. මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ජූඩ් පීරිස් මහතා සතුව ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

Visits: 46