Chemanex PLC තමන් සතු වූ CIC Agri Businesses හි කොටස් විකුණයි

කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන Chemanex PLC (චෙමනෙක්ස් පීඑල්සී) සමාගම තමන් සතුව තිබූ CIC Agri Businesses (Pvt) Ltd හි 16.92%ක කොටස් ප්‍රමාණයක් එහි හිමිකාර සමාගම වන CIC Holdings PLC වෙත අලෙවි කළ බව සඳහන් කරයි.

ඊයේ එනම් 2020 අගෝස්තු 10 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී අලෙවි කෙරුණු කොටස්වල වටිනාකම රුපියල් දෙසීය මිලියන තුන්ලක්ෂ තිස්තුන් දහස් අටසීයක් (200,332,800) බව එම සමාගම පවසයි.

මෙහිදී අදාළ මිල තීරණය කිරීම ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් සමාගමේ ස්වාධීන තක්සේරුවක් අනුව සිදු වුණු බව Chemanex PLC හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම CIC Holdings PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයද කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත කරුණු දක්වා තිබේ.  

එසේම මෙම මිලදී ගැනීම සිය ආයෝජන ඍජුවම CIC Holdings PLC යටතේ පවත්වාගෙන යාම සඳහා ගත් තීරණයක් අනුව සිදුවූවක් බව CIC Holdings PLC හි අධ්‍යක්ෂ මණ්ඩලය කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා තිබේ.

Chemanex PLC සමාගමද CIC සමූහයේම සාමාජිකයෙකි. එය මෙරට ප්‍රධාන පෙළේ කාර්මික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ආනයනය කිරීම් සිදු කරන සමාගමකි.

Visits: 245