ඩිලන්තට අනුග්‍රහය දැක්වීමට SLTDA සභාපතිනියගෙන් පොරොන්දුවක්

තම ධාවන තරග වෙත අවශ්‍ය අනුග්‍රහය ලබා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ගත හැකි සෑම උත්සාහයක්ම ගැනීමට කටයුතු යොදන බව එහි සභාපතිනී කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය තමන්ට පොරොන්දු ලබා දුන් බව මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව පවසයි. සිය ෆේස්බුක් ගිණුම හරහා පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා සිටියි.

මෙලෙස තමන් වෙත අනුග්‍රහය දක්වන ලෙස මීට පෙර සංචාරක සංවර්ධන අධිකාරියෙන් සිදු කළ ඉල්ලීමක සාර්ථක ප්‍රතිචාරයක් නොලැබීමත් සමගින්ම, තමන් ඊයේ පෙරවරුවේදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය හමුවූ අවස්ථාවේදී ඇය මෙම පොරොන්දුව ලබා දුන් බව ඔහු මෙහිදී සඳහන් කර සිටියි.

“සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම, ඊයේ සංචාරක ආයතනයේ සභාපතිනිය කිමාර්ලි ප්‍රනාන්දු මැතිනිය මා හට ඇය හමුවීමට ආරාධනා කළා. එයට හේතුව වූයේ මා සංචාරක අමාත්‍යාංශයෙන් අනුග්‍රාහකත්වයක් ඉල්ලා සිටියත් එය මෙම අවුරුද්දේ කළ නොහැකියි කියා ලැබුණු ලැබිය මතයි. මා ඇය සමග කතා කළාට පසුව ඇය සියලු දෙය පහදාගෙන මට අනුග්‍රහය දක්වන්නට සියලු උත්සාහය දරන බව පොරොන්දු විය.” ඩිලන්ත මාලගමුව සඳහන් කරයි.

මෙම සාකච්ඡාව සඳහා සංචාරක සංචර්ධන අධිකාරිය සඳහා අලුතින් පත් වූ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ මහත්මියත් සහභාගි වූ බව ඩිලන්ත මාලගමුව මෙහි සටහන් කර ඇත.

තමන් වසර 18ක් පුරාම සංචාරක අමාත්‍යාංශයෙන් අනුග්‍රහය ඉල්ලා සිටියත් එය සාර්ථක  නොවුණු බවත්, පසුගිය රජයේ සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රංජිත් අලුවිහාරහේ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ගිය අවුරුද්දේදී අවසන් තරගයට අනුග්‍රාහකත්වයක් ලැබුණු බවත් ඩිලන්ත මාලගමුව මෙහිදී පවසා තිබේ.

මෙහිදී ඔහු සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය සහ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉතාමත් බුද්ධිමත් නිලධාරීන් ලෙස හඳුන්වා දී ඇති ඩිලන්ත මාලගමුව, ඔවුන් තමන් මෙතෙක් සංචාරක ආයතනයේ දුටු හොඳම නිලධාරීන් බවත් පවසයි.

Visits: 42