නව රජයට SLAITO හි සුභපැතුම්

2020 අගෝස්තු 05 වැනිදා පැවැත්වුණු පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට සහ නව අගමැතිවරයා ලෙස තේරීපත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතාට සිය සුභාසිංෂන පිරිනමන බව ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම් සංගමය (SLAITO – Sri Lanka Association of Inbound Tour Operators) පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම සංගමයේ සභාපති මහේන් කාරියවසම් මහතා, පත් වූ නව රජයට සිය සංචාරක ක්ෂේත්‍රයට අදාළව ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

“පත් වූ නව රජය සමගින් අප ඉදිරියේදී ‘එකම කර්මාන්තයක්, එකම හඬක්’ ලෙස එකට එක්ව කටයුතු කිරීමට උදක්ම බලාපොරොත්තු තබා සිටිමු.” යනුවෙන් සභාපති මහේන් කාරියවසම් මහතා සඳහන් කරයි.

මේ අතර රජය ඉදිරියේදී සිදු කරන සෑම කාර්යයක්ම සාර්ථක වේවායැයි ප්‍රාර්ථනා කරන බවද SLAITO මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 89