කැන්ඩෝර් ඇසෙට් මැනේජ්මන්ට්, සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් වෙයි

ඊගල් ප්‍රොප්‍රියර්ටරි ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් (Eagle Proprietary Investment Limited) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය පැවැති සීමාසහිත කැන්ඩෝර් ඇසෙට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම මින් ඉදිරියට සීමාසහිත සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම ලෙස හැඳින්වෙන බව එම සමාගම නිවේදනයක් මගින් පවසයි.

මහනුවර කේන්ද්‍ර කරගත් ඉපැරණි මූල්‍ය ආයතනයක් වන සෙංකඩගල ෆිනෑන්ස් සමාගම මගින් පසුගිය මාර්තු මාසයේදී මෙම කැන්ඩෝර් ඇසෙට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව මෙම නම් වෙනස් කිරීම සිදුව ඇත. රුපියල් මිලියන 26.7ක මුදලකට මෙම ගනුදෙනුව සිදු විය.

ඒ අනුව 2020 අගෝස්තු 06 වැනිදා සිට මෙම නම් වෙනස් කිරීම සිදු වන බවත් කැන්ඩෝර් ඇසෙට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම සඳහන් කර සිටියි.

මෙතෙක් කලක් ක්‍රියාත්මකව පැවැති කැන්ඩෝර් ඇසෙට් මැනේජ්මන්ට් වෙබ් අඩවියද මේ වනවිට http://www.senfinassetmanagement.com ලෙස වෙනස් වී ඇත. එහි සඳහන් ආකාරයට මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ සභාපති වෛද්‍ය ප්‍රතාප් රාමනුජම්, අධ්‍යක්ෂවරුන් වන රවී අබේසූරිය, ලක්ෂ්මන් බාලසූරිය සහ ප්‍රධාන විධායක නිලධාරීන් සනත් බණ්ඩාරනායක යන මහත්වරුන්ය.

එසේම මෙතෙක් කලක් කැන්ඩෝර් නාමයෙන් ක්‍රියාත්මක වූ ආයෝජන කළඹ සෙන්ෆින් නමින් වෙනස් වීමට ලක්ව ඇත. ඒ අනුව, එම සමාගම සතු අරමුදල් යටතේ Senfin Growth Fund, Senfin Money Market Fund, Senfin Opportunities Funds ලෙස වෙනස් කෙරී ඇත.

එසේම මෙතෙක් කලක් Amana Candor Shariah Income Fund සහ Amana Candor Shariah Balanced Fund යනාදී ලෙස පැවැති අරමුදල් මින් ඉදිරියට Senfin icapitol Shariah Income Fund  සහ Senfin icapitol Shariah Balanced Fund  ලෙස වෙනස් වී ඇත.

පෙර ලිපිය
සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී ෂරියා ගනුදෙනු පිළිගත් කැන්ඩොර් ඇසෙට් මැනේජ්මන්ට් මිලදී ගනියි

Visits: 127