HNB බැංකු හෙට දවල් 12ට වහනවාලු

හැටන් නැෂනල් බැංකුව සිය පාරිභෝගිකයන් වෙත වඩාත් ඉක්මන් සේවාවක් ලබා දීමේ අරමුණින් සිය බැංකු පද්ධතියේ සිදු කරන යාවත්කාලීන කිරීමක් හේතුවෙන් හෙට (07දා) මධ්‍යහ්න 12.00ට සිය දෛනික ගනුදෙනු අවසන් කරන බව එහි කළමනාකාරීත්වය නිවේදනයක් මගින් සඳහන් කරයි.

එසේම අගෝස්තු 09 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා සියලුම ATMගනුදෙනු, අන්තර්ජාල බැංකු සේවා/ජංගම දුරකතන බැංකු සේවා සහ HNB ඩෙබිට් කාඩ් ගනුදෙනු යනාදියද අත්හිටුවෙන බව බැංකුව සඳහන් කරයි.

මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් වෙත සිදුවන ප්‍රමාදය පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් බැංකුවේ කළමනාකාරීත්වය වැඩිදුරටත් සඳහක් කරයි.

Visits: 153