ඩයලොග් හා VSIS ගනුදෙනුව සිදු වෙන්නේ නෑලු

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට පූර්ණ අනුබද්ධිත ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (පෞද්ගලික) සමාගම මගින් මෙරට තොරතුරු තාක්ෂණික සේවා සපයන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන VSIS එන්ටප්‍රයිස් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගම (VES) සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් කිරීමට සමාගම් දෙකම තීරණය කළ බව ඩයලොග් සමාගම පවසයි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඩයලොග් ආසිආටා සමාගම මගින් මෙම අත්පත් කරගැනීමේ යෝජනාව පිළිබඳව පළමුවරට අනාවරණය කෙරිණි. එහිදී VS Information Systems Private Limited සමාගමට පූර්ණ අනුබද්ධිත VSIS Enterprise Solutions (Pvt) limited සමාගමේ කොටස් 100%ක් ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් සමාගම මගින් අත්පත් කරගැනීම අරමුණ විය.

කෙසේ වෙතත් මේ වනවිට එම අත්පත් කරගැනීමට අදාළ සාකච්ඡා අත්හිටුවා ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී කිසිදු ආකාරයක ක්‍රියාකාරකමක් සිදු නොවන බවත් ඩයලොග් ආසිආටා සමාගම සඳහන් කර සිටියි.

2009 වසරේදී පිහිටවුණු මෙම VSIS එන්ටප්‍රයිස් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගම අද වනවිට වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 2.7ක් පමණ වෙයි. මෙම මිලදී ගැනීමට අදාළ ගනුදෙනුව පසුගිය අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට හැකි වෙනු ඇතැයි VSIS එන්ටප්‍රයිස් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගමද පසුගිය පෙබරවාරියේදී සඳහන් කර තිබුණි.

පෙර ලිපිය –
ඩයලොග් සමාගම VSIS මිලදී ගනියි

Visits: 290