Ford සමාගමට නව ප්‍රධාන විධායකයෙක්, කොටස් වටිනාකමත් ඉහළට

ජාත්‍යන්තර ෆෝර්ඩ් මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ 65 හැවිරිදි ජිම් හැකෙටි එම ධුරයෙන් ඉල්ලා අස්විමට සූදානමින් සිටින බව එම සමාගම අද ප්‍රකාශයට පත් කර තිබුණි. 

ඒ අනුව ඔහුගෙන් හිස් වන ප්‍රධාන විධායක ධුරය සඳහා මෙතෙක් කලක් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ 58 හැවිරිදි ජිම් හාර්ලේ වෙත එම ධුරය හිමිවීමට නියමිතව ඇත.

ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට මෙම නව පත් කිරීම සිදු වන බව පැවසෙයි. ඒ අනුව ඉදිරි මාස දෙකක කාලය තුළදී හැකෙට් සහ හාර්ලේ අතර සුමට නායකත්ව හුවමාරුවක් ලෙස මෙම මෙම තනතුරු හුවමාරුව සිදු වෙනු ඇතැයි ෆෝර්ඩ් සමාගම සඳහන් කරයි. 

කෙසේ වෙතත් හැකෙට් 2021 මාර්තු මාසය දක්වා සමාගමේ විශේෂ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමටද තීරණය කර ඇත.

2017 වසරේදී ෆෝර්ඩ් සමාගම හා එක්වන හැකෙට් ඊට පෙර ගෘහභාණ්ඩ නිෂ්පාදන සමාගමක කටයුතු කර තිබේ. ෆාර්ලේ ෆෝර්ඩ් සමාගම හා සම්බන්ධව ඇත්තේ 2007 වසරේදීය. ඔහු ඊට පෙර ටොයොටා සමාගමේ සේවය කර ඇත.

ජිම් හාර්ලේ සහ ජිම් හැකෙට්

මෙම නව පත් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ෆෝර්ඩ් මෝටර් සමාගමේ සභාපති බිල් ෆෝර්ඩ්, ෆාර්ලේ යනු සැබෑවටම මෝටර් රථ පිළිබඳව විශේෂයෙකු මෙන්ම අනාගතය සහ නව තාක්ෂණය පිළිබඳව ඉතා හොඳ දැනීමක් තිබෙන පුද්ගලයෙකු බවටත් හඳුන්වා දී තිබේ.

මේ අතර ජිම් හාර්ලේ 2008 වසරේ ඇති වූ ලෝක ආර්ථික අර්බුදයෙන් අනතුරුව ෆෝර්ඩ් සමාගම වෙත පත්ව එන සිව්වැනි ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි. මෙම අර්බුදය අවස්ථාවේදී සමාගම බංකොලොත්වීමට ආසන්න තත්ත්වයටම පත්විය. 

කෙසේ වෙතත් ජිම් හාර්ලේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා පත්වීම ප්‍රකාශයට පත් කිරිමත් සමගින්ම ෆෝර්ඩ් හි කොටස් වටිනාකම 3% කින් ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය පවසයි.

Visits: 116