වාලච්චේන කඩදාසි ‘ශ්‍රීපත්’ නමින් වෙළෙඳ පොළට

අත්හැරදමා තිබී යළි ක්‍රියාත්මක කෙරුණු වාලච්චේන කඩදාසි කම්හල මගින් නිෂ්පාදනය කළ පළමු කඩදාසි ටොන් 40 වෙළෙඳ පොළට නිකුත් කිරීම පසුගිය ඉරිදා (02දා) කොළඹ පදනම් ආයතනයේදී පැවැති උත්සවයකදී සිදු විය.

‘ශ‍්‍රීපත් – යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ යන සන්නාමය යටතේ මෙම කඩදාසි වෙළෙඳ පොළට නිකුත්ව  තිබේ.

මෙම ප‍්‍රථම කඩදාසි තොගය වෙළෙඳ පොළට නිකුත් කිරීම සංකේතවත් කරමින්, ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා විසින් විශේෂ සමරු ඵලකයන් දෙකක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ට පිළිගැන්වීම සිදු කර තිබේ.

එසේම මෙම ටොන් 40ක කඩදාසි තොගය මෙරට මුද්‍රණ ක්ෂේත‍්‍රයේ නියුතු සමාගම් කිහිපයක් විසින් මිලදී ගැනීමටද තීරණය කර තිබේ. ඒ අනුව පේපර් කොම් ටේ‍්‍රඩින් කොම්පැනි සමාගමේ සභාපති සාකීර් කබුර්දීන්, රන්පත් පේපර් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරූන් බුද්ධසිරි, ආනන්ද ටේ‍්‍රඩින් කම්පැනි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජානමුත්තු ආනන්දන්, කැමිලස් පබ්ලිකේෂන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ගයාන් පෙරේරා යන මහත්වරුන් වෙතද මෙම විශේෂ සමරු ඵලක ප්‍රදානය කිරිමක් සිදු කර ඇත.

Visits: 95