කොටස් වෙළෙඳ පොළ හෙට 12.30 තෙක් පමණයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු හෙට (අගෝස්තු 05) දිනයේදී දහවල් 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව නිවේදනයක් මගින් සඳහන් කරයි. හෙට දිනයේදී පැවැත්වීමට නියමිත 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

ඒ අනුව පෙරවරු 11.00ට ආරම්භ කෙරෙන දෛනික ගනුදෙනු පැය 1.30ක කාලයකින් පසුව අවසන් කිරිමට කටයුතු යොදා තිබේ.

නව කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබූ ලොක්ඩවුන් සීමා නිසා ගනුදෙනු කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබූ කොළඹ කොටස් වෙළෙඳ පොළ යළි විවෘත කිරීමෙන් අනතුරුව පෙරවරු 11.00ට ආරම්භ වූ දෛනික ගනුදෙනු පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වීම සිදු විය.

Visits: 111