HNB AppiGo වෙළෙඳ පදනම මසකදී තුන්ගුණයකින් ඉහළටලු

කොවිඩ් lockdown හි උච්චතම කාලපරිච්ඡේදය වූ අපේ‍්‍රල් මැද භාගයේදී වෙළෙඳ හවුල්කරුවන් 15 දෙනෙක් සමඟ ආරම්භ කළ HNB AppiGo අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව අද වනවිට සීඝ‍්‍ර ස්ථාවරත්වයක් ලබා ගනිමින් වෙළෙඳුන් 70කට වැඩි සංඛ්‍යාවක්  එකතු කරගැනීමට සමත්ව ඇතැයි  හැටන් නැෂනල් බැංකුව පවසයි.

මෙහිදී ඒ ඒ ව්‍යාපාරයට ආවේණික වූ e-commerce හැකියාවන් පිහිටුවීමට අවස්ථාව ඇති කරන වෙබ් අඩවි පිහිටුවීම සඳහා අදාළ වෙළෙද හවුල්කරුවන් AppiGo සමඟ එක් වී ඇත.

මෙරට පශ්චාත් කොවිඩ් සමය තුළ online වෙළෙඳ කටයුතු සඳහා පාරිභෝගික ඉල්ලුම ඉහළ යාම මෙලෙස HNB AppiGo සමඟ ගිවිසුම්ගත වන ව්‍යාපාර සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යාමට හේතු වී තිබේ. විශේෂයෙන්ම මෙම HNB AppiGo මගින් පහසුවෙන් හා ඉක්මනින්  e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව මෙලෙස ලබා දෙන බව බැංකුව පවසයි.

“පසුගිය මාස තුන පුරා ශ්‍රී ලංකාවේ e-commerce වපසරිය පෙර නොවූ විරූ පරිවර්තනයක් සහ වර්ධනයක් අත් කර ගෙන තිබෙනවා. lockdown කාලය තුළ අප බොහෝ දෙනෙක් නිවෙස්වලටම සීමා වී සිටීම නිසා බොහෝ ව්‍යාපාර ව්‍යාකූලත්වයට පත් වුනා. කෙසේ වෙතත් මෙම අස්ථාවරත්වය අපගේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට online හරහා වෙළෙඳාම් කටයුතු කිරීමට අවස්ථාවන් නිර්මාණය කළා.” HNB AppiGo පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වන HNB හි පාරිභෝගික සහ සුළු සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා, “කොවිඩ් තර්ජනය මතු වීමට බොහෝ කාලයකට පෙර අප AppiGo වේදිකාවේ වැඩිදියුණු කිරීම් ආරම්භ කර තිබුණා. එතැනදී අප එහි සංවර්ධන කටයුතු වේගවත් කර වසංගත තත්වයට ප‍්‍රතිචාර වශයෙන් ඉදිරිපත් කළා. අපගේ ඉලක්කය වූයේ  ඕනෑම ආකාරයක ව්‍යාපාරයකට පිවිසිය හැකි පුළුල්, පහසු හා ඉක්මන් online වෙළෙඳ විසඳුමක් ලෙස ක‍්‍රියා කළ හැකි සහ හැකි තරම් ලාභදායී ආකෘතියක් ලබා දීමයි. AppiGo වේදිකාව සමඟ දැනටමත් එක් වී සිටින වෙළෙඳුන්ගෙන් අප ලැබී තිබෙන සුවිශේෂ ප‍්‍රතිචාරය අපගේ මෙම අරමුණු සාක්ෂාත් කරගත් බවට ප‍්‍රබල සාක්ෂියක්.” යනුවෙන් පවසයි.

මෙරට සුප‍්‍රසිද්ධ මෘදුකාංග සංවර්ධන විශේෂඥයින් වන hSenid සමඟ එක්ව HNB AppiGo වැඩි දියුණු කර ඇත. ක්ලික් කිරීම් කිහිපයකින්  ඕනෑම ව්‍යාපාරයකට අන්තර්ජාලය හරහා වෙළෙඳාම් කිරීම සඳහා මෙය නිර්මාණය කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන hSenid ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ සහ සභාපති, දිනේෂ් සපරමාදු මහතා, “ව්‍යාපාරවලට අන්තර්ජාලයට පිවිස ඔවුන්ගේම වෙබ් අලෙවිසැලක් ඇති කර ගනිමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ AppiGo දියත් කිරීම පිළිබඳව අප ඉතා සතුටු වෙනවා. AppiGo ඉතා අද්විතීය යෙදවුමක් වන්නේ එක් එක්කෙනා වශයෙන් තම ගනුදෙනුකරුවන් සමඟ ඍජුවම සම්බන්ධ වීමෙන් ව්‍යාපාරවලට වඩාත් සාර්ථක වීමට සවිබලය ලබා දෙන නිසාය.” යනුවෙන් සඳහන් කරයි.

Visits: 74