ෆ්ලිප්කාර්ට් ඉන්දියාවේ වෝල්මාර්ට්හි මෙහෙයුම් සියල්ල අත්පත් කරගනී

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන සමාගමක් වනFlipkart සමාගම එරට Walmart Inc. සමාගමේ මෙහෙයුම් තමන් සතු කර ගැනීමට පසුගියදා කටයුතු යොදා තිබේ. ඒ අනුව ඉදිරියේදී දැවැන්ත වෙනස්කම් රැසක්ද සමගින් ඉන්දියාවේ අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ ක්ෂේත්‍රය තුළ දැවැන්ත තරගයක් ලබා දීමට Flipkartසූදානමින් සිටින බව පැවසෙයි.

මෙම අත්පත් කරගැනීමත් සමගින්ම ඉදිරියේදී Walmart Inc. සමාගම සතු Best Priceතොග වෙළෙඳ සැල් ජාලය යොදා ගනිමින් FlipkartWholesale නමින් ඩිජිටල් වෙළෙඳ පොළක් ලබන අගෝස්තුවේදී ආරම්භ කිරීමFlipkart හි සැලසුම වී ඇත.

2018 වසරේදී Walmart Inc.සමාගම මගින් එක්සත් ජනපද ඩොලර් බිලියන 16ක මුදලකටFlipkart හි 77%ක කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන වසර දෙකකට පසුව Flipkart විසින්Walmart Inc. ජාලය අත්පත් කරගැනීමට කටයුතු යෙදීමත් විශේෂත්වයකි. ඒ අනුවWalmart Inc. හි කටයුතු සියල්ලම Flipkart සමූහය වෙත පැවරෙන අතර, ඒ යටතේ පැවැති අලෙවි සැල් 28 එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් පැවසෙයි.

එසේම මෙම ගනුදෙනුවෙන් පසුව ගුරුග්‍රාමිහි පිහිටිWalmart Inc. ප්‍රධාන කාර්යාලයFlipkart හි ප්‍රධාන කාර්යාලය පිහිටි බැන්ගලෝර් වෙත මාරුවීමටද නියමිතව ඇත.

මේ අතරම Flipkart සමාගම ඉදිරියේදී Flipkart Quick ලෙස නව සේවාවක් ආරම්භ කිරිමට සූදානමින් සිටින බව ඊයේ දිනයේ අනාවරණය කර තිබුණි. ඒ හරහා සිල්ලර භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ විනාඩි 90ක් ඇතුළතදී පාරිභෝගිකයන් වෙත ලබා දීමේ සේවාවක් ආරම්භ කර තිබේ.

සමාගම මෙය hyperLocal (අතිදේශීය) සේවාවක් ලෙස හදුන්වා දී ඇත. ඉදිරියේදී ජංගම දුරකතන සහ ලිපි ද්‍රව්‍යද මෙම සේවාව හරහා ක්ෂණිකව ලබා දීම සැලසුම වී ඇත. දැනට බැන්ගලෝර්හිදී එම සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඉන්දියාවේ භාරතී එන්ටප්‍රයිසස් සමාගම සමගින් ඇති කරගත් හවුල්කාරීත්වයක් යටතේWalmart Inc. 2007 වසරේදී ඉන්දියානු වෙළෙඳ පොළ වෙත අවතීර්ණ විය. 2013 වසරේදී එම හවුල්කාරීත්වය බිඳිමින්Walmart Inc. තනිවම සිය වෙළෙඳ සැල් පවත්වාගෙන යාමට පියවර ගැනුණි.

ලබන අගෝස්තුවේදී ඉදිරිපත් වන Flipkart Wholesale හරහා පළමුව විලාසිතා නිෂ්පාදන අලෙවි කිරීමට අදහස් කරගෙන ඇති අතර, පසුව සිල්ලර භාණ්ඩ, ගෘහ භාණ්ඩ සහ විශාල සහ කුඩා විදුලි උපාංග අලෙවි කිරිම සැලසුම වී ඇත.

Visits: 85