ආර්.එම්. කරුණාරත්න වැලිබල් ෆිනෑන්ස් සභාපති පුටුවට

වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි රත්නායක මුදියන්සේලාගේ කරුණාරත්න මහතා අද දිනයේ සිට එම සමාගමේ සභාපතිවරයා ලෙස පත් කෙරෙන බව  සමාගම නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

2013 වසරේ අප්‍රේල් 30 වැනිදා සිට ඒ මහතා වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කේ.වී.පී.ආර්. ද සිල්වා මහතා සිය වයස අවුරුදු 70 සම්පූර්ණ වීම හේතුවෙන් 2019 මාර්තු 15 වැනිදා සිට එම ධුරයෙන් ඉවත්වීමත් සමගින් හිස් වූ ධුරය සඳහා වැඩබලන සභාපතිවරයා ලෙස ආර්.එම්. රත්නායක මහතා පත්වීම් ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් හිමි කරගෙන ඇති රත්නායක මහතා 1977 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ රැකියාවක් හා එක් වී තිබේ. එම මණ්ඩලයේ විවිධ දෙපාර්තමේන්තු තුළ සේවය කර ඇති ඒ මහතා අවසානයේදී ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ – අධීක්ෂණ ධුරයට පත්විය.

Visits: 203