HNB ‘ද බෑන්කර්’ සඟරාවේ ශ්‍රේණිගත කිරීමෙන් තවත් ඉහළට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ලක් වෙමින්, එක්සත් රාජධානියේ කීර්තිමත් බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව සිව්වන වරටත් 2020 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇතැයි පවසයි.

බෑන්කර් සඟරාව යනු 1926 සිට ගෝලීය මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍යය පිළිබඳව ලෝකයේ ප‍්‍රමුඛතම තොරතුරු මූලාශ‍්‍රය වේ. බෑන්කර් සඟරාවේ ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීම 1970 සිට මෙම ක්ෂේත‍්‍රයේ මිණුම් දණ්ඩක් ලෙස සැලකෙන අතර එමඟින් බැංකු ක්ෂේත‍්‍රයේ ස්ථාවරත්වය හා මූල්‍ය ශක්තිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙයි. 2020 දී HNB ආකර්ෂණීය ලෙස තම ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 39කින් ඉහළට පැමිණ ඇත.

කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී,
ජොනතන් අලස්

මේ පිළිබඳව අදහස් දක්වන HNB හි කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා, “ලෝකයේ වඩාත්ම ගෞරවණීය මූල්‍ය ආයතන අතර නැවත වතාවක් ශ්‍රේණිගත වීම සහ අපගේ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල ශක්තිමත් දියුණුවක් ලබා තිබීම අප ගෞරවයක් කොට සලකනවා. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමත් සමඟ අභියෝගයන්ගෙන් පිරුණු හා ඉදිරියට ද බොහෝ අභියෝග අපේක්ෂා කළ හැකි වසරක අවසානයේදී, HNB ඔරොත්තු දීමේ හැකියාව සහ අස්ථාවරත්වය හමුවේ හැඩගැසීමට ඇති විශිෂ්ට හැකියාව පෙන්නුම් කර තිබෙනවා. මෙම පසුබිම තුළ, ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පැමිණීම බැංකුවේ ශක්තිය සහ ස්ථාවරත්වය සඳහා ප‍්‍රබල සාක්ෂියක්.” යනුවෙන් පවසා සිටියි.

ශ්‍රී ලංකාවේ වඩාත් සම්මානනීය බැංකුවක් වන HNB ලෝකයේ හොඳම බැංකු 1000 අතර සිය ස්ථානය නැවතත් තහවුරු කිරීමට අමතරව ජයග‍්‍රාහී 11වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත‍්‍ර විය.

පෙර ලිපි – HNB යළිත් ඒෂියන් බෑන්කර්හි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වෙයි

Visits: 60