මත්ද්‍රව්‍ය නිවාරණයට ජපානයෙන් රු. මිලියන 340 ක ආධාර

මෙරට තුළ සිදු වන මත්ද්‍රව්‍ය විරෝධී ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණ උපකරණ සැපයීම වෙනුවෙන් ජපාන රජයේ ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර ක්‍රමය යටතේ  ජපන් යෙන් මිලියන 200ක් (දළ වශයෙන් රුපියල් මිලියන 340ක්) ලබාදීම පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදු වුණු බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

රජයේ ඉල්ලීම මත ජපානය මෙම ප්‍රදානය සිදු කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රී  ලංකා පොලිසිය හා ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ විමර්ශන ක්‍රියාවලිය ඇතුළු මත්ද්‍රව්‍ය විරෝධී ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා මෙම නවීන තාක්ෂණික උපකරණවල අවශ්‍යතාවක් පැවති බව රජය  පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ ජපාන රජය වෙනුවෙන් ජපාන තානාපති සුගියමා අකිරා මහතා මෙම ආධාර ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර සඳහා එම අමාත්‍යාංශයේදී අත්සන් තබා තිබේ.

Visits: 27