MYBus-SL ඇප් යෙදවුම දින දෙකකදී 5,000 කට වඩා ඩවුන්ලෝඩ් කරලා

මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදය නව තාක්ෂණ  යටතේ සිදු කිරීමට අවස්ථාව ලබා දීම යටතේ ජාතික ගමනාගමන කොමිසම මගින් පසුගියදා හඳුන්වාදුන් MYBus-SL ජංගම දුරකතන ඇප් වැඩසටහන දින දෙකක කාලයක් ඇතුළතදී 5,200 කඩා වඩා වැඩි ඩවුන්ලෝඩ් කරගැනීමක් සිදු කර ඇතැයි එම කොමිසම පවසයි.

මෙම MYBus-SL ඇප් වැඩසටහන හරහා මගී ජනතාවට පහසුකම් රැසක්ම ලබා දී ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අතරින් සුවිශේෂීම අංගය වන්නේ අන්තර් පළාත් බස් රථ ධාවනය වන ආකාරය GPS තාක්ෂණය ඔස්සේ මගී ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසීමයි. ඒ අනුව, තමන් ගමන් කිරීමට යෝජිත බස් රථය අදාළ අවස්ථාවේදී ගමන් කරන්නේ කුමන ස්ථානයේද යනන් මගී ජනතාවට පහසුවෙන් දැන ගැනීමට මෙම යෙදවුම මගින් හැකියාව ලැබේ.

මීට අමතරව මගීන්ට බස් රථ ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන්, මගීන් බස් රථයට ගොඩ වන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අයවෙන බස් ගාස්තුව, ගමන් ගමන් ගත යුතු බස් රථය ඒ මොහොතේ පවතින ස්ථානය හඳුනාගැනීම, අන්තර්ජාලය හරහා මගී පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇති පහසුව මෙන්ම සියලුම බස් රථවලට ගෙවීම් කටයුතු කාඩ්පතක් මගින් සිදු කිරීමේ ඇති පහසුකම් සැලසීම ආදී අංග රැසකින්ම සමන්විත බව අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනය ආරම්භ වන විට පුද්ගලයන් 5,200ක් පමණ පිරිසක් මෙම යෙදවුම ඩවුන්ලෝඩ් කර ගෙන ඇති අතර, ලියාපදිංචි කර ඇති ගිණුම් සංඛ්‍යාව 1647ක් බවත් පැවසෙයි. එසේම මෙම ඇපි වැඩසටහන හරහා ලැබී ඇති පැමිණිලි සහ යෝජනා සංඛ්‍යාවද 70ක් පමණ වන බව ජාතික ගමනා ගමන කොමිසම ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ‍වෙත දැනුම් දී ති බේ.

දැනට අන්තර් පළාත් බස් රථ සඳහා පමණක් මෙම යෙදවුම තුළ තොරතුරු ඇතුළත් කර තිබෙන නමුත්, ඉදිරියේදී ලංගම මස් රථවල මෙන්ම දුම්රිය ගමන්වාරද ඇතුලත් වන පරිදි ලබා ගත හැකි සේවාවන් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශයය පවසයි.

Visits: 72