HNB බැංකුව Visa CyberSource අන්තර්ජාල ගෙවීම් ප්‍රවේශයට සේවා හඳුන්වා දෙයි

HNB බැංකුව ජාත්‍යන්තරව පිළිගත් අන්තර්ජාතික ගෙවීම් ප‍්‍රවේශය (Internet Payment Gateway) සඳහා පහසුකම් සපයන්නෙකු වන, Visa CyberSource හරහා ගෙවීම් කටයුතු සිදු කරන වෙළෙඳභවතුන් සඳහා විශේෂ වටිනාකම් එකතු කළ සේවාවන් හඳුන්වා දෙන බව නිවේදනය කරයි.

මෙවැනි නව අමතර වටිනාකම් mechant IPG හා එකතු කිරීම මගින් ගනුදෙනු තවදුරටත් විධිමත් කිරීම සහ ස්වයංක‍්‍රීය කිරීම හරහා ගෙවීම් ක‍්‍රියාවලිය වඩාත් විප්ලවීය ලෙස වැඩිදියුණු කිරීම සඳහා e-commerce වෙත මාරු වීමට ව්‍යාපාරවලට හැකි වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

මේ පිළිබඳ අදහස් දක්වන HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා,  “කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමත් සමඟ බොහෝ පාරිභෝගිකයින් ඔවුන්ගේ ව්‍යාපාර අන්තර්ජාලය භාවිතා කරමින් කරගෙන යාමට අරගල කිරීමේදී යම් යම් පසුබෑම්වලට මුහුණ දෙන විට, තවත් බොහෝ ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර අන්තර්ජාලය හරහා කරගෙන යාමේදී විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගත් බව ද අප දැක තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

ඒ අනුව දැනටමත් Visa CyberSource භාවිතා කරන ශ්‍රී ලංකාවේ පළමු සමාගම වන HNB බැංකුව මෙම හවුල්කාරීත්වයේ ඇති වටිනාකම සහ එම සේවාව පුළුල් කිරීමේ වැදගත්කම අප ඉක්මනින් අවබෝධ කර ගත් බව ඔහු පවසයි.

“මෙය e-commerce වෙත මාරු වන ව්‍යාපාරයන්වලට ඊට පිවිසීමට ඇති බාධාව අවම කිරීම අරමුණු කරගත් HNB වැඩසටහන් මාලාවේ එක් කොටසකි. මෙමගින් පුළුල් කරන ලද ව්‍යාපාර ඩිජිටල්කරණයේ පරිපාලනමය දුෂ්කරතා කළමනාකරණය කිරීමට ව්‍යාපාරවලට සහාය වන අතරම, ලෝක මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් (end-user experience) ද ලබා දෙනවා.” යනුවෙන්ද ඒ මහතා පැවසුවේය.

ආරක්ෂිත වීසා යටිතල පහසුකම් මත ගොඩනගා ඇති, CyberSource වාර්ෂිකව ගෝලීය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 479කට වඩා වටිනාකමකින් යුත් ගනුදෙනු බිලියන 13 කට අධික සංඛ්‍යාවක් කළමනාකරණය කරයි. ගෝලීයව රටවල් සහ පාලන ප‍්‍රදේශ 190කට අධික සංඛ්‍යාවක ක‍්‍රියාත්මක වන මෙම අන්තර්ජාල වේදිකාව ලොව පුරා සිටින වෙළෙඳභවතුන්ගේ අලෙවිය වර්ධනය කිරීමට, ඔවුන්ගේ වෙළෙඳ සන්නාම ආරක්ෂා කිරිමට සහ වඩාත් කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වීමට උපකාරී වේ. CyberSource භාවිතා කරන ගනුදෙනුකරුවන් අතර ඩිජිටල් වාණිජ්‍ය අවකාශය තුල සිටින ඇතැම් විශාලතම සහ ප‍්‍රමුඛ වෙළෙඳපොළවල් සහ වෙළෙඳභවතුන් ඇතුළත් වෙයි.

Visits: 58