HNB යළිත් ඒෂියන් බෑන්කර්හි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වෙයි

හැටන් නැෂනල් බැංකුව ජයග‍්‍රාහී 11 වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත‍්‍ර වූ බව පවසයි.

සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය සහ ක‍්‍රියාවලීන්, මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු කිරීම් ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමින් HNB වෙත මෙම සම්මානය පිරිනැමුණු බව එහි සංවිධායකයන් සදහන් කරයි.

HNB හි කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී, ජොනතන් අලස්

මේ පිළීබඳ අදහස් දක්වන HNB හි කළමනාකාර අධ්‍යක්‍ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී, ජොනතන් අලස් මහතා, “මෙම කීර්තිමත්, වටිනා සම්මානය නැවත හිමි කර ගැනීමට ලැබීම අපට මහත් ගෞරවයක්. අපගේ අසමසම වූ මූල්‍ය සේවා, විශිෂ්ටත්වය කරා අඛණ්ඩව හඹා යෑමේ HNB කණ්ඩාමේ කැපවීම සහ නිරන්තරයෙන් HNB ගනුදෙනුකරුවන් ප‍්‍රමුඛස්ථානයෙහි ලා සැලකීම අපගේ සාර්ථකත්වයේ විශේෂත්වයයි.

පෙර නොවූ විරූ කොවිඞ්-19 වසංගතය හමුවේ, ව්‍යාපාර සාර්ථකත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීමට සහ පීඩාවට පත් ගනුදෙනුකරුවන්ට සහාය වීමට හා සේවය කිරීමට කැපවීම් කරමින් මගේ කණ්ඩායම උපරිම කැපවීමක් පෙන්නුම් කර තිබෙනවා. එවැනි තීරණාත්මක කාලයක HNB ඇගයීමට ලක් වීම ගැන මා සතුටු වෙනවා වගේම, මෙම ඉතාමත් සුදුසු සම්මානය මගේ සමස්ත කණ්ඩායමට පුද කිරීමට කැමතියි.” යනුවෙන් පවසා සිටියි.

විශේෂයෙන්ම HNB බැංකුව සිය ගනුදෙනුකරුවන් අඛණ්ඩව සතුටු කිරීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන බවත්, බැංකුව තුළ සිදු වෙමින් පවතින විශාල පරිවර්තනීය ගමනේ ඉදිරියට යන විට ඩිජිටල් පරිවර්තනය වැදගත් කාර්යභාර්යක් ඉටු කරනු ඇති බව ද පාරිභෝගික බැංකු සේවා කටයුතු තවදුරටත් පුළුල් කරමින් බැංකුවේ වටිනා ගනුදෙනුකරුවන්ට සුපිරි අත්දැකීමක් ලබා දෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Visits: 49