කස්තුරි ඇන්ජෙලා ජූලි 01 සිට හේමාස් නියෝජ්‍ය ප්‍රධාන විධායක ධුරයට

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි නව සමූහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කස්තුරි ඇන්ජෙලා චෙල්ලරාජා විල්සන් මහත්මිය ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පත් කෙරෙන බව එම සමාගම සඳහන් කරයි. මෙතෙක් කලක් එම ධුරය දැරූ ස්ටීවන් මාර්ක් එන්ඩර්බි මහතා ජූනි 30 වැනිදා විශ්‍රාම යෑමත් සමගම ඇය මෙම ධුරයට පත්වීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි කස්තුරි මහත්මිය හේමාස් හෝල්ඩිංග්ස්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද පත් කෙරෙන බව හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

2002 වසරේදී හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත සම්බන්ධ වුණු කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මීට පෙර එම සමාගමේ ප්‍රවාහන අංශයේ ප්‍රධාන ක්‍රියාවලි නිලධාරී ලෙස මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කර ඇත. 2016 වසරේදී ඇය හේමාස් ෆාමසූටිකල්ස්හි කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස පත්වූවාය.

ස්ටීවන් මාර්ක් එන්ඩර්බි

කස්තුරි කළමනාකරණ එක්සත් රාජධානියේ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකාවකි. එසේම ඇය එක්සත් ජනපදයේ හාර්වර්ඩ් බිස්නස් ස්කූල්හි ජ්‍යෙෂ්ට විධායක නායකත්ව වැඩසටහන සඳහාද සහභාගි වී තිබේ.

කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය කැපිටල් එලායන්ස් ලිමිටඩ් හි විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරයි.  එසේම ඇය ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපති ධූරය හොබවයි. කස්තුරි මහත්මිය 2019 දී ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් ගේ ලැයිස්තුවට තේරී පත්වීමත් සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පිළිගැනීමට ද ලක්වු බවත් සඳහන් වෙයි.

Visits: 353