දිය ඇල්ලක් අසල නිවසක් ‘ප්‍රයිම් වෝටර්ෆෝල් රෙසිඩන්සීස්’

ප්‍රයිම් ගෘෘප් වෙත අයත් මෙරට ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙතින් සිය පාරිභෝගිකයන් වෙත දිය ඇල්ලක් අසල පිහිටි නවීන සුඛෝපභෝගී නිවාස සංකල්පයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

‘Prime Waterfall Residencies’ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මේ සතියේදී ආරම්භ කිරීමට නියමිතව ඇත. පැය 24 පුරා ඇති ආරක්ෂාව සහිත අඩි 100ක් පමණ උස දිය ඇල්ලක් මෙහි ඉදි කිරීම විශේෂත්වයකි. මෙය වඩාත් පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීම අදහස බව සමාගම පවසයි.

මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අක්කර 05ක භූමියක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම පවසයි.  මෙම ව්‍යාපෘතිය යටතේ කාමර 3ක් සහිත නිවාස 40ක් ඉදි කිරීම සැලසුම වී තිබේ. එක් නිවෙසක වටිනාකම මිලියන 24.5 ක් ලෙස සඳහන් කර ඇත.

මෙහිදී එක් නිවෙසක් සඳහා පර්චස් 10ක භූමියක් වෙන් කර තිබෙන අතර නවීන මුළුතැන්ගෙයක්, උණු ජල පහසුකම්, ඉලෙක්ට්‍රොනික වාහන ආරෝපණ පහසුකම් වැනි සුඛෝපභෝගී පහසුකම් රැසකින් සමන්විත වන බව සඳහන්. එසේම සෑම නිවෙසකටම අදාළ නිවෙසට ආවේණික වූ පෞද්ගලික අනන්‍යතාවකින් යුක්ත වන බවත් ප්‍රයිම් ලෑන්ඩ්ස් පවසයි. මෙම ව්‍යාපෘතියේ කටයුතු තවත් වසර දෙකකින් අවසන් කිරීම සැලසුම වී තිබේ.

මෙම ව්‍යාපෘතිය තුළ වැඩිහිටියන් සහ ළමුන් සඳහා වෙන වෙනම පිහිණුම් තටාකද පිහිටුවා ඇත. එමෙන්ම එම තටාකය ආසන්නයේ විවේකාගාරයක්, ළමුන් සඳහා ක්‍රීඩා ප්‍රදේශයක්, යෝගා සඳහා වෙනම ස්ථානයක් යනාදියට අමතරව හිරු බැසීම නැරඹීම සඳහා වන වෙනම ප්‍රදේශයක් සහිත කොළඹ ඇති එකම නිවාස ව්‍යාපෘතිය මෙය බවත් සමාගම පවසයි.  

එසේම අභ්‍යන්තර පරිසරය තුළ පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානයක්ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන බවත්, මෙම පරිශ්‍රයේ ශරීර සුවතා මංතීරු, කඳු තරණයේ පහසුකම්, කුරුල්ලන් නැරඹීමේ පහසුකම්වලින්ද සමන්විත වන බවද ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම සඳහන් කරයි.

Visits: 122