සුරේෂ් ෂා තවත් වසරකින් ලයන් බෘවරි වෙත සමුදීමට යයි

ලයන් බියර් සන්නාමය මෙරට වෙළෙඳපොළ තුළ මුල් ස්ථානයකට ගෙන ඒමට සමත් වූ, ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේෂ් ෂා මහතා තවත් වසරකින් එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව 2021 වසරේ ජූනි 30 වැනිදා සිට ඔහු එම ධුරයෙන් ඉවත් වන බව ලයන් බෘවරි සමාගම සඳහන් කරයි. සුරේෂ් ෂා මහතාගේ නායකත්වය යටතේ ලයන් බෘවරි සමාගම මෙරට කුඩා සමාගමක සිට තවත් එක් විශාල සමාගමක් දක්වා වර්ධනය වූ බව ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

“ඔහුගේ කාල සීමාව තුළදී බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය අප සමාගමේ ‘ලයන්’ සන්නාමය ලංකාවේ වඩා-වේගයෙන් අලෙවි වන මිල අඩු පාරිභෝගික භාණ්ඩ (FMCG – Fast Moving Consumer Goods) කාණ්ඩය යටතේ වඩාත් වටිනාම සන්නාම 10 අතරට පත් කරන්නට සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේදී බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් හි ලංකාවේ වඩාත් වටිනාම පාරිභෝගික සන්නාමය බවටත් පත්වීමට ‘ලයන්’ සන්නාමයට හැකි වුණා.”

ඒ අනුව සුරේෂ් ෂා මහතා විසින් ලයන් සමාගම තුළ වඩාත් දක්ෂ, බුද්ධිමත් සහ වඩාත් ප්‍රත්‍යස්ත කණ්ඩායමක් බිහි කිරීමට සමත් වූ බවත්, ඔහු සිය නායකත්වය හුවමාරු කරන්නේ වඩාත් ශක්තිමත් ස්ථාවරයකින් බවත් ලයන් බෘවරි සමාගම පවසයි.

එහිදී ශක්තිමත් සන්නාමයක් ලෙස  පමණක් නොව නවීනතම නිෂ්පාදන ක්‍රමවේදයක් එහි සකස් කිරීමටත්, වෙළෙඳ පොළ පද්ධතිය වෙත වඩාත් ශක්තිමත් මාර්ගයක් නිර්මාණය කළ බවත් සමාගම පවසයි. ඒ හරහා ෆිච් වර්ගීකරණයේ AAA මට්ටම ළගාකර ගැනීමටද ලයන් සන්නාමයට හැකි වූ බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 226