මූල්‍ය අංශය කඩාකප්පල් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

බැංකු හා බැංකු නොවන මූල්‍ය අංශය අයුක්ති සහගත ලෙස කඩා කප්පල් කිරීමේ අරමුණ ඇතිව ව්‍යාජ හෝ නොමග යවන සුළු තොරතුරු පතුරුවා හරින පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව පසුබට නොවන බව එහි අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව ප වතින බවත්, මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලුම පියවර ගෙන ඇති බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ කරුණු සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය ආයතන දුර්වල මට්ටමක පවතින බවත්, එවැනි ආයතනවල සිදු කරනු ලබන තැන්පතු අහිමි වී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයෝ පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටීම මෙම ප්‍රකාශය සඳහා හේතුව බවද අධිපතිවරයා සඳහන් කරයි.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කොම්පැන් පීඑල්සී හි බලපත්‍රය අවලංගු කිරීමත් සමග මෙම පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කිරීම් ඉහළ ගොස් ඇතැයිද ඒ මහතා පවසයි. කෙසේ වෙතත් බැංකු නොවන මූල්‍ය අංශය සම්බන්ධයෙන් මහ බැංකුවේ පණිවුඩය වන්නේ මූල්‍ය ආයතන ඒකාබද්ධ වීම සඳහා ඇති අවශ්‍යතාව බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

මහ බැංකු අධිපතිවරයාගේ එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් පළ වෙයි….

Visits: 89