ද ෆිනෑන්ස් ආයතනයෙන් ගත් ණය නොපියවන්නන්ට නීතිමය පියවර

ද ෆිනෑන්ස් ආයතනයෙන් ගත් ණය නොපියවන්නන්ට නීතිමය පියවර

2020 මැයි 22 වැනිදා සිට බලපත්‍රය අහෝසි කර ඇති ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙතින් ණය සහ වෙනත් අත්තිකාරම් ලබා ගෙන ඇති සියලුම ගණුදෙනුකරුවන්, ගිවිසුම් ප්‍රකාරව ගෙවිය යුතු සියලුම ගෙවීම් එකඟ වී ඇති ආකාරයට සිදුකළ යුතු බව එහි භාරකරුවා වන ශ්‍රී ලංකා මහ බැංකුව සතිඅන්ත පුවත්පත් දැන්වීමක් මගින් නිවේදනය කරයි. එසේ නොමැති වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පහත සඳහන් බැංකු ගිණුම් අංක වෙත පමණක් එම ගෙවීම සිදුකළ යුතු බව ආයතනය එම ණය සහ වෙනත් අත්තිකාරම් ලබා ගත් ගනුදෙනුකරුවන් වෙත පවසයි. එසේම ගෙවීම් සිදු කිරීමේදී අදාළ කල්බදු/ණය/අත්තිකාරම් කොන්ත්‍රාත් අංකය හෝ ගනුදෙනුකරුගේ දුරකතන අංකය බැංකු ස්ලිප් පතෙහි සඳහ් කළ යුතු බවද ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

එසේම සිය ගිවිසුම්ගත බැඳීම ඉහත බැංකු ගිණුම් හරහා ගෙවීමට අපොහොසත් වන ඕනෑම ගනුදෙනුකරුවෙකුට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනයේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් සහතික කරන ලද විශේෂ හැඳුනුම්පතක් රැගෙන එන නම් කරන ලද සේවකයින් හරහාද මෙම හිඟ මුදල් ගෙවීම් කළ හැකි බව මහ බැංකුව පවසයි.

“එලෙස, ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත ණය සහ අත්තිකාරකම් වාරික මුදල් ආපසු ගෙවීමේදී එම සේවකයින්ගෙන් රිසිට්පත් ලබා ගන්නා ලෙසද සියලුම ගනුදෙනුකරුවන්ට උපදෙස් දෙනු ලැබේ. තවද ඉහත සඳහන් සේවකයන්ගේ අනන්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයට පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් තහවුරු කරගන්නා ලෙසද සියලුම ගනුදෙනුකරුවන්ට උපදෙස් දෙනු ලැබේ.” ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පවසයි.

මේ අතර,  එළඹගත් ගිවිසුම්වලට අනුකූලව ගෙවීම් කටයුතු සිදු නොකරනු ලබන සියලුම ගනුදෙනුකරුවන්ට එරෙහිව එකී ගිවිසුම් ප්‍රකාරව නීතිමය පියවර ගන්නා බවද මෙම නිවේදනයේ  සඳහන් වෙයි.

Visits: 20