වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර 4ක් අද එළි දකී

වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර 4ක් අද එළි දකී

මේ වසරේදී යෙදෙන ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වැනි වෙසක් සැමරුම නිමිත්තෙන් අද (මැයි 06දා) දිනයේදී නව මුද්දර හතරක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා තිබේ. අති පූජ්‍ය මහා නායක ස්වාමීන්වහන්සේලාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම මුද්දර එළිදැක්වීමට නියමිතව ඇත.

‘ආරෝග්‍යා පරමා ලාභා-සන්තුට්ඨි පරමං ධනං’ යන තේමාව මුල් කරගනිමින් මෙවර වෙසක් සැමරුම සිදු කිරීමේ රජයේ සැලුසම අනුව යමින්, මිනිසාගේ මානසික මෙන්ම කායික රෝගාබාධ සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන ලෙස මෙම මුද්දර නිර්මාණය කෙරී ඇත.

මෙහිදී රුපියල් 10.00, රුපියල් 15,00 සහ රුපියල් 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් සහ සිහිවටන පත්‍රිකාවක්ද, 2564 වැනි රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරයේ බිතු සිතුවමක් නිරූපනය වන රුපියල් 15.00ක වටිනාකමින් යුත් සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි මුද්දර කාර්යාංශය පවසයි.

මෙම වෙසක් මුද්දර සහ සිහිවටන පත්‍රිකාව චිත්‍ර ශිල්පී පුලස්ති එදිරිවීර සහ රාජ්‍ය වෙසක් උත්සව මුද්දරය චිත්‍ර ශිල්පී ඉසුරු චතුරංග යන මහත්වරුන් අතින් නිර්මාණය කෙරී ඇත.

Visits: 70