දේශීය නැව් භාණ්ඩ ප්‍රවාහනයට හා විදෙස් නැව් භාණ්ඩ මෙහෙයුම් සඳහා නව ක්‍රියාපටිපාටියක්

දේශීය නැව් භාණ්ඩ ප්‍රවාහනයට හා විදෙස් නැව් භාණ්ඩ මෙහෙයුම් සඳහා නව ක්‍රියාපටිපාටියක්

කොවිඩ්-19 වසංගත කාලසීමාව තුළදී දේශීය නැව් භාණ්ඩ (LCL-Cargo) ප්‍රවාහනය හා විවිධ රටවලින් ගෙන්වන නැව් භාණ්ඩ (MCC-Cargo) මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා 2020 මැයි මස 05 වැනිදා සිට නව ක්‍රියාපටිපාටියක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ඉහත සඳහන් කළ අවස්ථාවලදී සිදු වන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම වෙනුවෙන් මෙම ක්‍රියාපටිපාටිය හඳුන්වා දෙන බවත්, ඒ සඳහා උපයෝගී වන නව ආකෘති පත්‍ර කිහිපයක්ද හඳුන්වාදී ඇතැයි වරාය අධිකාරිය සඳහන් කරයි.

“මෙම නව ක්‍රියාපටිපාටිය හඳුන්වාදීමේ අපේක්ෂාව වන්නේ දේශීය නැව් භාණ්ඩ හා විවිධ රටවලින් එක් බහලුවක් තුළ ගෙන්වන නැව් භාණ්ඩ මෙහෙයුම් කටයුතු කොවිඩ්-19 වසංගත කාලය තුළදී කිසිදු ප්‍රමාදයකින් තොරව ඉහළ කාර්යක්ෂමතාවකින් පවත්වා ගැනීමයි.” අධිකාරිය පවසයි.

එහිදී අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා වන නිලධාරීන් ඍජුවම ඇමතීමට ජංගම දුරකතන අංකද මෙහිදී ලබා දී ඇති අතර, සේවා ලබා ගැනීමේදී පැන නගින ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහාද ඊට අදාළ නිලධාරීන්ගේ ජංගම දුරකතන අංක ලබා දී ඇත.

එසේම මේ සම්බන්ධයෙන් වන සියලු තොරතුරු හා කාර්ය පටිපාටිය www.slpa.lk ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවත් සඳහන් වෙයි.

Visits: 38