ඩයලොග් සමාගම Diriya.lk හඳුන්වා දෙයි

ඩයලොග් සමාගම Diriya.lk හඳුන්වා දෙයි

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සිදු කරන තිරසාරත්ව සහ සමාජ නවෝත්පාදන ව්‍යාපෘතියක් ලෙස Diriya.lk නමින් නව වෙබ් අඩවියක් හඳුන්වා දුන් බව පවසයි. විශේෂයෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ට ව්‍යපාර සංකල්ප, විෂය කරුණු සහ පිළිවෙත් සම්බන්ධ දැනුම සහ අවබෝධය ලබා දීම හරහා ඔවුන්ගේ ව්‍යාපාරයන්හි සාර්ථකත්වයට උරදීම බව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

“Diriya.lk යනු ව්‍යවසායකයින්ට සහ ක්ෂුද, කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන්ට වැදගත් වන තොරතුරු ඇතුළත් වෙබ් අඩවියකි. ඩයලොග් ආසිආටා ආයතනයේ තිරසාරත්ව සහ සමාජ නවෝත්පාදන කර්ත්‍යව්‍යයක් වන Diriya.lk හි අරමුණ ක්ෂුද්‍ර, කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ පාර්ශ්වකරුවන් දැනුමෙන් බලගැන්වීම හරහා ඔවුන්ට සීඝ්‍රයෙන් වෙනස්වන ව්‍යාපාර ලෝකයේ අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය දිරිබලය ලබාදීමයි.” වෙබ් අඩවියේ සඳහන් වෙයි.

වෙබ් අඩවියේ ඇදි දැනුම කවය නම් අංගය හරහා ඉදිරිපත් කරන Diriya Biz වීඩියෝ මාලාවක් ඉදිරිපත් වෙයි. “Diriya.lk වෙබ් අඩවියේ ඇති දිරිය බිස් හෙවත් දිරිය දැනුම වීඩියෝ මාලාවේ අරමුණ වන්නේ, ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ට ව්‍යාපාර සංකල්ප, විෂය කරුණු සහ යහ පිළිවෙත් සම්බන්ධ දැනුම සහ අවබෝධය ලබාදීම හරහා ඔවුන්ගේ ව්‍යාපාරයන්හි සාර්ථකත්වයට උර දීමයි” යනුවෙන් වෙබ් අඩවියේ සඳහන් වෙයි.

එසේම විවිධත්වය හා ඇතුළත් කිරීම යන අංගය තුළදී ශ්‍රී ලාංකිකයන් රැකියා ස්ථානයක මෙම විවිධත්වය සහ ඇතුළත් කිරීම සඳහා පියවර ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරන බව පවසයි.

එහිදී මෙම පිටුවේ සියලුම අන්තර්ගතයන්, කැනේඩියානු රජයේ මුල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වූ ASSET ව්‍යාපෘතිය හරහා ඒවා නිර්මාණය කළ World University Service of Canada – Sri Lanka (WUSC – Sri Lanka) ආයතනයේ අවසර සහිතව පොදු භාවිතය සඳහා බෙදාහරිනු ලබන බවත් ඩයලොග් ආසිආටා සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 90