ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍යය පරිමාණ ව්‍යවසායන් වෙත කෝවිඩ් 19 බලපෑම පිළිබඳ අධ්‍යයනයක්

ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍යය පරිමාණ ව්‍යවසායන් වෙත කෝවිඩ් 19 බලපෑම පිළිබඳ අධ්‍යයනයක්

ක්ෂුද්‍ර, කුඩා හා ‘මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත කෝවිඩ් 19 බලපෑම පිළිබඳ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුකරන අධ්‍යයනයක් සඳහා තොරතුරු ලබා දෙන ලෙස එම අමාත්‍යාංශය සියලුම ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරන මෙම සමීක්ෂණය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.පී. ප්‍රේමරත්න, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එම්.එස්. ප්‍රියන්ත සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.එස්. කොඩිතුවක්කු සහ ශ්‍රී ලංකාවේ PASSAsia ආයතනයේ සභාපති සහ ප්‍රධාන උපදේශක සමන්ත පතිරත්න යන මහත්වරුන්ගේ දායකත්වය හිමිව තිබේ.

මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වී ඇත්තේ කොවිඩ්19 වසංගත තත්ත්වය ව්‍යාපාර වෙත කෙසේ බලපා ඇත්දැයි පැහැදිලිව තේරුම් ගැනීම බවත්, මෙම සමීක්ෂණය හරහා එකතු කරගන්නා තොරතුරු මගින් ව්‍යාපාර වෙත කෙටි කාලීනව සහ දිගුකාලීනව සිය ව්‍යාපාර සංවර්ධනය කරගැනීමට අවශය සහාය ලබාදීම වෙනුවෙන් යොදා ගන්නා බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

මෙහිදී රටෙහි සියලුම දිස්ත්‍රික්ක, සියලුම කර්මාන්ත ක්ෂේත්‍ර, තරුණ, කාන්තා සහ විවිධ අවශ්‍යතා ඇති පුද්ගලයන් යනාදී ලෙස සියලුම අංශයක්ම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදු කිරීමත් අමාත්‍යාංශයේ අරමුණ වී තිබේ.

මෙම සමීක්ෂණයට අදාළ අන්තර්ජාල ෆෝරම භාෂා තුනෙන්ම ලබා ගැනීමේ හැකියාව ඇති අතර, එහි සිටම මෙම ෆෝරමයේ කරුණු පිරවිය හැකිය. මෙම තොරතුරු ලබන මැයි 05 වැනිදාට පෙර භාරදීමත් වැදගත් බව අමාත්‍යාංශය පවසයි.

සිංහල පෝරමය:           https://ee.kobotoolbox.org/::dKn5iZPe
தமிழ் Medium:             https://ee.kobotoolbox.org/::EVQNGabv
English Medium:        https://ee.kobotoolbox.org/::MkAvMPeL

මේ අතර, මෙම අන්තර්ජාල සමීක්ෂණය පිළිබඳව පවතින ඕනෑම තාක්ෂණික ගැටලුවක් පිළිබඳ සහාය සඳහා PASSAsia ආයතනයේ සභාපති සහ ප්‍රධාන උපදේශක සමන්ත පතිරත්න මහතා 0771099535 දුරකතනය හරහා සම්බන්ධ කරගත හැකි බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

Visits: 503