කෝවිඩ්-19 බලපෑ පෞද්ගලික ආයතන ගැන කම්කරු දෙපාර්තමේන්තුව තොරතුරු ඉල්ලයි

කෝවිඩ්-19 බලපෑ පෞද්ගලික ආයතන ගැන කම්කරු දෙපාර්තමේන්තුව තොරතුරු ඉල්ලයි

නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක් වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සිදු කරන සමීක්ෂණයක් සඳහා තොරතුරු ලබා දෙන ලෙස එම දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්ම මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනවල පැවැත්ම හා ඒවායෙහි සේවය කරන අයගේ රැකියාවන් ආරක්ෂා කිරීම සම්බන්දයෙන් සුදුසු තීරණ ගැනීමට සහ එම ආයතනවලට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයට පහසුවීම සඳහා මෙම සමීක්ෂණය වැදගත් බව දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සියලුම පෞද්ගලික ආයතන www.labourdept.gov.lk  වෙබ් අඩවියට පිවිස එහි ඇති මෙම සමීක්ෂණයට අදාළ පෝරමය ඔන්ලයින් ක්‍රමයට සම්පූර්ණ කර 2020 මැයි 03 වැනිදාට හෝ ඊට පෙර කම්කරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

මෙහිදී එක් එක් ව්‍යාපාරය සඳහා වෙන වෙනම පෝරම පුරවා ඉදිරිපත් කරන ලෙසත්, පෝරමය සම්පූර්ණ කිරීමේදී අවශ්‍ය වුවහොත් ප්‍රදේශයේ කම්කරු කාර්යාලයේ හෝ කම්කරු නිලදාරියාගේ සහාය ලබා ගන්නා ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Visits: 195