කටුනායක සිට එමිරේට්ස් කාර්ගෝ මෙහෙයුම් අඛණ්ඩව

කටුනායක සිට එමිරේට්ස් කාර්ගෝ මෙහෙයුම් අඛණ්ඩව

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානා මගින් මෙරට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කාර්ගෝ සේවා තවදුරටත් සිදු කරමින් පවතින බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පවසයි.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ සාමාන්‍ය මගී මෙහෙයුම් කටයුතු නවත්වා ඇති පසුබිමකදී වුවද එමිරේට්ස් ගුවන් සේවයට අයත් බෝයිං 777 මාදිලියේ ගුවන් යානා කිහිපයක්ම මේ වනවිටත් සිය කාර්ගෝ මෙහෙයුම් සඳහා ගුවන් තොටුපොළ වෙත ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ යටතේ පසුගිය අප්‍රේල් 15 වැනිදා එම ගුවන් යානාවක් මගින් ටොන් 43කට ආසන්න භාණ්ඩ ප්‍රමාණයක්ද පසුගිය අප්‍රේල් 27 වැනිදා තවත් ගුවන් යානයක් මගින් ටොන් 50කට ආසන්න භාණ්ඩ ප්‍රමාණයක්ද රැගෙන ගිය බව බණ්ඩාරනාක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පවසයි.

රැගෙන ගිය මෙම භාණ්ඩ අතර එළවලු සහ පළතුරු / විසිතුරු මසුන්, ටූනා මසුන්, බුලත් කොළ සහ තවත් කල්තබා ගත නොහැකි භාණ්ඩ කිහිපයක්ම වන බව සඳහන් වෙයි.

මෙම කාර්ගෝ සේවා සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය මගින් නොපිරිහෙලා ඉටු කරමින් සිටින බවත් කටුනායක බණ්ඩාරනාක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පාලනාධිකාරිය පවසයි.

Visits: 39