දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය තෘණ වගාවට මහවැලි ඉඩම් අක්කර 1,500ක්

දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය තෘණ වගාවට මහවැලි ඉඩම් අක්කර 1,500ක්

දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරගැනීමේ අවශ්‍යතාවයේදී මූලික ගැටලුවක්ව පවතින ගවයින් සඳහා අවශ්‍ය තෘණ වගා කිරීමේ කරුණ සඳහා විසඳුමක් ලෙස මහවැලි ඉඩම් අක්කර 1,500ක් ලබා දීමට සාකච්ඡා කෙරුණු බව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන සහ දේශීය වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා පශු සම්පත් මණ්ඩලය, මිල්කෝ ආයතනය සහ පැල්වත්ත කිරි ඇතුළු දේශීය කිරි නිෂ්පාදනයට සම්බන්ධ ආයතනවල ප්‍රධානීන් සහභාගි වී තිබේ.

මෙහිදී ගුණාත්මක ආහාර මගින් එළදෙනෙකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය වැඩි කරන්නා ආකාරය පිළිබඳව මූලිකවම සාකච්ඡා කෙරී ඇත. ඒ අනුව, දේශීය කිරි ගොවියාට ඇති මූලික ගැටලුවක් වන ගවයින් සඳහා අවශ්‍ය තෘණ වගා කිරීම සඳහා ඉඩම් අක්කර 1500ක් පමණ මෙලෙස දිවයින පුරා පිහිටි මහවැලි ඉඩම් මගින් වගා කිරීම සඳහා කැමති පිරිස් වෙත ලබා දීමට මෙහිදී සාකච්ඡා කෙරී තිබේ.

විශේෂයෙන්ම කිරිපිටි සඳහා වාර්ෂිකව විදේශයන් වෙත යන රුපියල් බිලියන 54ක පමණ මුදල ඉතිරි කර ගැනීම අරමුණු කරගනිමින් දේශීය කිරි ගොවි නිෂ්පාදනය වැඩි කර ගැනීමට අවශ්‍ය, කඩිනම් පියවර පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත් වූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Visits: 138