සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්හි ‘සුපිරිපොළ’ ඩ්‍රෝන යානා මගින් ඖෂධ ඩිලිවරියක

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්හි ‘සුපිරිපොළ’ ඩ්‍රෝන යානා මගින් ඖෂධ ඩිලිවරියක

‘සුප්‍රීම් ටීවී’ රූපවාහිනී නාලිකාවේ හිමිකරුවන් වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ නවතම ඊ-වාණිජ වේදිකාව වන ‘සුපිරිපොල (www.supiripola.lk)’ වෙබ් අඩවිය හරහා ග්‍රෑන්ඩ්පාස්/නාගලගම් වීදියේ නිරෝධායන ප්‍රදේශයට ඖෂධ ලබා දීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කළ බව පවසයි.

මෙම සුපිරිපොල වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පිහිටවූවක් බව පවසයි.

ඒ අනුව මෙම ප්‍රදේශයේ ජීවත්වන පවුල් 150කට අධික සංඛ්‍යාවකට පසුගිය දින දෙකේදී සුපිරිපොල හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමක් සිදු කර තිබේ. එසේම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ මඟ පෙන්වීම යටතේ මෙලෙස ඩ්‍රෝන යානා තාක්ෂණය මගින් ජනතාවට ඖෂධ ලබා දීම සිදුව ඇත.

මෙහිදී කොළඹ නගරයේ ස්ථාන කිහිපයක, අසරණ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් පරිත්‍යාග කර ඇති අතර, ‘ඕමාර් කන්ඩීල් අරමුදල’ වෙනුවෙන් ඖෂධ බෙදා හැරීම සිදු වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී මයුරන් විනෝත් මහතා, සුපිරිපොල මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සැපයුම් බෙදාහැරීමේ ක්‍රියාවලියේ නිශ්චිත නව නැම්මක් සනිටුහන් කළ බව පවසා සිටියි.

“ඕනෑම ස්ථානයකට සැපයුම් ලබා දීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවය මනසේ තබා ගනිමින් සුපිරි පොල විසින් මෙම තාක්ෂණික හැකියාවන් වර්ධනය කරගෙන තිබෙනවා. ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින් අපේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ළගා වීමට අවශ්‍ය තාක්ෂණික හා උපකරණ අප වැඩි දියුණු කරමින් සිටිනවා. එය සුපිරිපොල ඉලක්කයයි.” යනුවෙන් පවසා ඇත.

Visits: 80